දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට අමරදේව මුණ ගැහුනේ ඉස්කෝලෙ යන කාලෙ එයා උත්සවේකට ඇවිත් මල් මාලයක් දාන්න ගිහින් - විමලා අමරදේව
Homeගොසිප්

මට අමරදේව මුණ ගැහුනේ ඉස්කෝලෙ යන කාලෙ එයා උත්සවේකට ඇවිත් මල් මාලයක් දාන්න ගිහින් - විමලා අමරදේව

PropellerAds

මට අමරදේව මුණ ගැහුනේ ඉස්කෝලෙ යන කාලෙ  එයා උත්සවේකට ඇවිත් මල් මාලයක් දාන්න ගිහින් - විමලා අමරදේව අභාවප්‍රාප්ත ආචාර්ය අමරදේවයන්ගේ ජීවිත...

රොෂාන් මහානාම දේශපාලනයට එන කතාවත් බොරුවක්
රොෂාන් මහානාම ගම්පහින් මැතිවරණයට..?
වත්මන් දේශපාලන අවුල අවසන් කළ හැක්කේ කෙසේද? (මත විමසුම)
මට අමරදේව මුණ ගැහුනේ
ඉස්කෝලෙ යන කාලෙ 
එයා උත්සවේකට ඇවිත්
මල් මාලයක් දාන්න ගිහින්

- විමලා අමරදේව

අභාවප්‍රාප්ත ආචාර්ය අමරදේවයන්ගේ ජීවිතයේ සෙවනැල්ල වූ විමලා අමරදේව මැතිණිය සංගීත ලෝකය දිග් විජය කරන්නට අමරදේවයන්ට ලැබුණ බලවත්ම සවිය විය. වසර 53 ක විවාහ ජීවිතයකට උරුමකම් කියන ඔවුන් කලා ළැදි දරුවන් තිදෙනෙකුද ලොවට දායාද කර ඇත. ඔවුන් දෙදෙනාගේ මුණගැසීමද අහම්බයෙන් සිදුවූවකි.
ඔවුන්ගේ 50 වන විවාහ සැමරුම 2013 වසරේ අත්තිඩිය මිහිඳු සෙත්මැදුරේ රණවිරුවන් සතුටු කරමින් සමරද්දී විමලා අමරදේව මැතිණිය ඒ ආදර කතාව මාධ්‍ය ඉදිරියේ
පවසා තිබුණි.
‘ඒ කාලේ ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා කියල හඳුන්වපු මගේ මහත්තයා සංගීත ශිල්පියෙක් විදිහට ප්‍රසිද්ධයි.මං මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි  ශිෂ්‍යාවක්. මාත් නැටුම් වලට, ජනගී ගායනයට දක්ෂයි.මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය පාසලේ උත්සවයක් තිබුණා. එක එක පාසල් වලට අයිතම ඉදිරිපත් කරන්න අඬගහනවනේ. අපේ පාසලටත් ඒ උත්සවේ නැටුම් අයිතමයක් කරන්න කියල ආරාධනාවක් තිබුණා.


පාසෙලෙන් තෝරල යවපු නැටුම් කන්ඩායමේ මාත් හිටියා. ඒ උත්සවය මොකක්ද කියල හරියටම දැනගත්තෙ ගිහාමයි. පේ‍්‍රමකුමාර එපිටවල, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු පිරිසක් තමා සංවිධානය කරත තිබුනේ. ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා සංගීත ශිල්පියාව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත් කර හැරීම වෙනුවෙන් තමා ඒ උත්සවය පැවැත්වුනේ. එදා ප්‍රධාන ආරාධිතයා විදිහට උත්සවේට ඇල්බට් පෙරේරා එද්දී එයාට මල්මාලාව පළ‍ඳන්න කෙනෙක් අපි අතරින් තෝරගත්තා.පුදුමෙට ඒකට තේරුනේ මාවයි. මං මාල් මාලාව ඔහුට පැළඳුවා.
 මාත් එක්ක එදා ඔහු කථා කළා.  ඔහුට මාව එදා හොඳට මතක හිටියා.නමුත් ඉතින් එදා විශේෂත්වයක් තිබුනෙ නෑ.
ඊට පසුව මාත් ඔහුගෙ සින්දු වරින්වර ඕනෑකමින් අහන්න ගත්තා. ශාන්ත මේ රෑයාමේ ගීතය ගුවන් විදුලියේ වාදනය වන විට මට ඇත්තටම අමුතු හැඟීමක් ඇතිවුණා. ඔහු පුදුම ලස්සණ විදිහට එදා ඒ ගීතය ගැයුවා.
ඒ වෙනකොට ඇල්බට් පෙරේරා ඉන්දියාවට ගිහින් මාත් විවිධ දේවල් වලට යොමුවෙලා..මම ජනගී ගැයුවා ටවර්හෝල් නාට්‍යවල රඟපෑවා නැටුම් කළා සංගීතය කළා.


ඔහු නැවත මෙරටට ආවාම ජන ගී ඇසුරු කොට යම් යම් නිර්මාණයන්වල යෙදුණා එම ජන ගායනා සඳහා මාව පසුව සම්බන්ධ කරගත්තා.මේ ජන ගීවලින්ම තමා අපේ ආදර කතාව ගොඩනැගුනේ.
ඒත් විවාහයෙන් පස්සේ මේ ඔක්‌කෝම දේවල් පෙට්‌ටගමක දාලා ලොකු ඉබ්බෙක්‌ දාලා පැත්තක තිබ්බා. මං සංගීතය අතෑරියා ඉන් පස්‌සේ මෙතුමා පසුපස ආවා.‘

අමරදේවයන් හා විමලා ආදර සබඳතාව පවත්වා යන අතර සිදුවූ රසවත් සිද්ධියක් ගැනද පසුගිය 2015 වසරේ සසර දනව්ව ප්‍රසංගයේදී ඇය ප්‍රසිද්ධ කර තිබුණා. ඒ වරක් අමරදේව පැවැත්වූ සංගීත පසංගයකට ඇය නරඹන්නියක ලෙස පැමිණ ඔහුටත් නොකියා නිවසට ගිය සිද්ධියකි. ප්‍රසංගයෙන් අනතුරුව ඇය අතුරුදන්ව සිටීම ගැන අමරදේව විස්සෝපවී ඇති අතර පසුව සොයා බැලීමේදී ඇය එම ප්‍රසංගයේ ඉතිරි කොටසද නොබලා ගොස් ඇත්තේ ඔහු එහිදී ගායනා කළ ‘ඈත කඳුකර හිමව් අරණේ..‘ගීතය නිසා කම්පනයට පත්වූ නිසා බව ස‍ඳහන් කළාය.



පහත දැක්වෙන්නේ ඒ සිද්ධිය ගැන ඇය කළ විස්තරයේ වීඩියෝවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට අමරදේව මුණ ගැහුනේ ඉස්කෝලෙ යන කාලෙ එයා උත්සවේකට ඇවිත් මල් මාලයක් දාන්න ගිහින් - විමලා අමරදේව
මට අමරදේව මුණ ගැහුනේ ඉස්කෝලෙ යන කාලෙ එයා උත්සවේකට ඇවිත් මල් මාලයක් දාන්න ගිහින් - විමලා අමරදේව
http://ift.tt/2eogjlq
https://i.ytimg.com/vi/-1Os6VHOEpY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_501.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_501.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy