ප්ලොට් හා ටෙලෝ යන දෙමළ දේශපාලන පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඉදිරි සති තුන ඇතුළත තීරණයකට එළැඹෙනු ඇති බව එම පක්ෂ අභ...
පක්ෂයක් ලෙස ගත යුතු ඉදිරි තීරණ පිළිබඳ ටෙලෝ සංවිධානයේ ජ්‍යෙෂ්ඨත්වය සභාපතිත්වයෙන් මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් වවුනියාව කුරුමන්නාඩු ප්‍රදේශයේදී පවත්වා ඇතැයි ද වාර්තා වේ.
ප්ලොට් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද මේ අතර වාර්තා වේ.
මීට පෙර දෙමළ ජාතික සන්ධානය සමග සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය එම සංවිධානයෙන් ඉවත් විය.
මේ වන විට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට් හා ටෙලෝ යන දේශපාලන පක්ෂ තුන පමණි.
COMMENTS