ක තෝලික දේවස්ථාන කිහිපයක හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක ඊයේ (21) දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරප...
කතෝලික දේවස්ථාන කිහිපයක හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක ඊයේ (21) දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ආරක්ෂා අංශ නිවේදනය කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි. අද සහ හෙට යන දෙදින පාසල් නිවාඩු ලෙස නම් කර කිරීමටද රජය පියවර ගත්තේය.
මේ අතරතුර ඊයේ රාත්‍රියේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී බෝම්බයක්ද ගුවන් හමුදාව විසින් නිෂ්ක්‍රීය කර තිබුණි.
ඒ අනුව තවදුරටත් ඊයේ දින ඇතිවූ මර බිය යාන්තමින් හෝ පහව ගොස් නැත. සියලු විශේෂ උත්සව අවස්ථා ඇතුළු ජනරාශින් වැළැක්වීමට රජය පියවර ගෙන ඇතත් තවදුරටත් සිරිපා වන්දනා සාමය සිදුවන බැවින් එහි ආරක්ෂාව කෙසේද යන්න දැනුවත්භාවක් නැත.
අන්තවාදී සංවිධාන සිරිපා අඩවිය ඔවුන්ගේ ආගමික ස්ථානයක් ලෙස පසුගිය කාලයේදී පවසා තිබූ අතර සිරිපා වන්දනාවට ජාති ආගම් භේදයකින් තොරව එක්වන හෙයින් මේ වන විට එහි ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවධානයක් තිබිය යුතු බව අපගේ හැඟීමයි.
ශ්‍රී පාදය විශාල ජනතාවක් එක්රැස් වන ස්ථානයක් වන හෙයින් එහි ආරක්ෂාව තහවුරුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින සියලුම පාර්ශව රටට කිව යුතුය.

COMMENTS