දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපේ සහය යුධ අපරාධ ගැන හොයන අයට පමණයි" - ශිවාජිලිංගම් කියයි
Homeප්‍රවෘත්ති

"අපේ සහය යුධ අපරාධ ගැන හොයන අයට පමණයි" - ශිවාජිලිංගම් කියයි

PropellerAds

2020 වසරේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන  ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන වල යුද අපරාධ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාම...

වරෙන්තු වූ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඇමති විසින් ප‍්‍රභූ පර්යන්තයෙන් කැදවාගෙන එයි… බාරවී ඇප ගනී!
ගෑස්වලටත් වඩා ආණ්ඩුවේ පිපිරීම් උග්‍ර අතට
‘තොගේ 6 වසරේ දරුවා කෑලි කපනවා! තෝව බල්ලෙක් වගේ මරලා දානවා ! නඩුව අයින් කරගනින්!’ ආන්දෝලනාත්මක සුදුළූනු නඩුවේ පැමිණිලිකරුවකුට දුරකතනයෙන් බලපෑම්!

2020 වසරේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන  ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන වල යුද අපරාධ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි ලෙස  ඇතුළත් වන අපේක්ෂකයාට  දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය හිමිවිය යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කතා කළ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ 2010 වසරෙන් පසුව ජනාධිපති ධුරයට පත් වූ හා එමධුරය අපේක්ෂාවෙන් කටයුතු කළ සෑම අයෙකුම යුද අපරාධ ප්‍රශ්නය මගහැර ඇති බවයි.

නමුත් ජාත්‍යන්තර ප්‍රජාව පවා යුද සමයේදී ශ්‍රී ලංකාවේ උතුරු  ප්‍රදේශයේ යුද අපරාධ සිදුවූ  බව  පිළිගෙන ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට යම් යාන්ත්‍රණයක් නිර්දේශ කොට ඇති බවද ඔහු කියා සිටියි.

2010 වසරේදී ජනාධිපතිවරණයේදී  දෙමළ ජනතාවගෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත්  එතරම් විශාල සහයෝගයක් නොලැබුණේද මෙම යුද අපරාධ සම්බන්ධයෙන් වූ මතය නිසා බව කියන ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඒ කාල වකවානුව වන විට උතුරේ ජනතාවට මේ සම්බන්ධයෙන් තිබූ අවබෝධය අඩු නිසා යාන්තමට හෝ සහය දුන් බව කියා සිටියි.

නමුත් 2020 වසර වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන නිසා දෙමළ ජනතාව අනිවාර්යෙන්ම මේ අවශ්‍යතාවය මත පෙළ ගැස්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයේදී පමණක් නොව ඉදිරියේදී රජය සමග හෝ වෙනත් පාර්ශ්වයක් සමග දෙමළ ජාතික සන්ධානය යම් එකගතාවයකට පැමිණෙන්නේ නම්  ඒ හා සම්බන්ධයෙන් පැහැදිලි වගන්ති හා කරුණු ඇතුළත් ගිවිසුමක් අත්සන් තැබීමෙන් පසුව පමණක් ඊට එකගවිය යුතුය යන තීරණයේ සිටිය යුතුය යන මතය තමන්  වෙනස් කර නොගන්නා බවද ශිවාජිලිංගම් මහතා මෙහිදී පැවසීය.

(දිනසේන රතුගමගේ)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපේ සහය යුධ අපරාධ ගැන හොයන අයට පමණයි" - ශිවාජිලිංගම් කියයි
"අපේ සහය යුධ අපරාධ ගැන හොයන අයට පමණයි" - ශිවාජිලිංගම් කියයි
http://am.lk/media/k2/items/cache/2b69c13b3cd8654afd56f2f28b8409de_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy