ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රීවිධ හමුදා නිලධාර...
ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රීවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විදින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බවත්, මෙවන් තත්වයකට රට යලි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පල කරන්න බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
මහින්ද රාජපක්ෂ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ. එම නිවේදනයේ මෙසෙද සඳහන් වේ.
කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්වයෙන් රට මුදා මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කල යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල් වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ශෝකය පලකිරීමට මෙය අවස්ථාවක් කරගනිමින්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ ශෝකය බෙදා ගන්නෙමු.
මේ කණගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවන් වලට හසු නොවන ලෙසත් සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

COMMENTS