එම ජනවරමේ භික්ෂුන් වහන්සේලා, අන්‍ය ආගමික නායකයන්, ඇතුළු සියලු දෙනා නියෝජනය වන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සභාවේ කටයුතු ඉදිරියට...
එම ජනවරමේ භික්ෂුන් වහන්සේලා, අන්‍ය ආගමික නායකයන්, ඇතුළු සියලු දෙනා නියෝජනය වන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ පාර්ලිමේන්තුව බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.
78 සිට ජේ.ආර් ගේ ව්‍යවස්ථාව හකුලා ගනිවු කියා කෑගසන අය දැන් කියන්නේ සදාකාලිකවම එම ව්‍යවස්ථාව පවත්වා ගෙන යන්නදැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පුළුල් අදහස් සහිත ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනතා නියෝජිතයන් වගකීම භාර ගත යුතු බවයි.
අනාගතයට රටක් හැදීමද නැත්නම් ආපස්සට යාමද යන්න දැන් තීරණය කළ යුතු යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=r32plbxNwwg&feature=youtu.be[/youtube]
COMMENTS