මට රට කරන්න බෑ..මට මේවා ඔට්ටු නෑ මට ගමේ කොටපු කුඹුරු වගේ ආතල් එකක් නෑ ම.රා කඩේ වහල හින්දා බැනලා වැඩක් නෑ මම ඩෙංගු හැදුවෙ නෑ..මම පව් කර...
මට රට කරන්න බෑ..මට මේවා ඔට්ටු නෑ
මට ගමේ කොටපු කුඹුරු වගේ ආතල් එකක් නෑ
ම.රා කඩේ වහල හින්දා බැනලා වැඩක් නෑ
මම ඩෙංගු හැදුවෙ නෑ..මම පව් කරන්නෙ නෑ
ඩෙංගු මදුරු පැටව් මරලා නිරේ යන්න බෑ..
එදා ඇවිත් ආප්ප කාලා කෝපී බීලා කය්ය ගහලා
මාර වැඩේ මං යනකොට මුං ටික මගෙ අතින් ඇදලා
හීන මවලා කතා කියලා මාව නිකං චූන් කරලා
දන්නෙම නෑ ජනාධිපති පුටුවෙ මාව වාඩි කරලා
ඔන්න මචං මිනිස්සුන්ට මළ පැනලා නප්පියටම
කෝ අල්ලපු හොරු අහනවා දීපං දැන් උත්තර හෙම
රටට කරපු වැඩක් නැහැලු මූණ දෙන්න බෑනෙ මෙහෙම
සයිටම් එක චූන් කරලා ඩෙංගු වැඩෙන් වහමු ගේම
මට සයිටම් ඕනේ...
මට ඩෙංගුත් ඕනේ...
සයිටම් ටිකක් උඩින් දාලා
ඩෙංගු ටිකක් අතරින් දාලා
පට පට පට පටස් ගාලා
ගේන්න මල්ලි දැන්...//
ගායනය - හිටංරාජ්
COMMENTS