ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ. අක්කර 450 ක මෙ...
ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ. අක්කර 450 ක මෙම වතු යාය ලබාදී ඇත්තේ මසකට රුපියල් අටදහස බැගින් වූ මුදලකටය. මෙය ලබාදී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගිනි. ඒ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කළ හැකිය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ටේරෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.
-දිවයින පුවත්පත
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ටේරෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.
-දිවයින පුවත්පත
COMMENTS