දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රේල්පාරේ ෆේස් බුක් බලමින් ගිය පෙම්වතියගේ මිතුරිය බේරද්දි පෙම්වතාත් දුම්රියේ හැපී මරුට
Homeගොසිප්

රේල්පාරේ ෆේස් බුක් බලමින් ගිය පෙම්වතියගේ මිතුරිය බේරද්දි පෙම්වතාත් දුම්රියේ හැපී මරුට

PropellerAds

ජං ගම දුරකථනයෙන් මුහුණු පොතේ දසුන් බලමින් දුම්රිය මඟේ ඉදිරියට ගිය සිය පාසල් මිතුරිය පසුපසින් පැමිණෙන දුම්රියක ගැටීමට යනවා දුටු මිතුරකු ඇය බ...

18 සිට පාර්ලිමේන්තු එනවලු -මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධූරයට
මහින්ද රාජපක්ෂගේ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය
ගේමක් දීලා හිරෙන් පැන්න සුනිල් ශාන්ත දුවත් එක්ක මීමුරේ නිවසක සිටියදී කොටු කරගත් හැටි
ජංගම දුරකථනයෙන් මුහුණු පොතේ දසුන් බලමින් දුම්රිය මඟේ ඉදිරියට ගිය සිය පාසල් මිතුරිය පසුපසින් පැමිණෙන දුම්රියක ගැටීමට යනවා දුටු මිතුරකු ඇය බේරා ගැනීමට උත්සාහ ගැනීමේදී දෙදෙනාම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ සිදුවීමක් නාවලපිටියෙන් වාර්තා විය.
නාවලපිටිය නගරයේ අතිරේක පන්තියකට සහභාගිවී ආපසු යමින් සිටි
තිදෙනෙතු දුම්රිය මඟේ ගමන් ගනිද්දී මෙම අනතුර සිදුව තිබේ. මියගිය සිසුවාගේ පෙම්වතියද මේ අතිරේක පන්තියට පැමිණෙන අතර ඇය මියගිය  පියුමි භාග්‍යාගේ හොඳම යෙහෙළියද වන බව හෙළි වී තිබේ. අතිරේක පන්තියට පැමිණි මොවුන් තිදෙනාම නාවලපිටිය නගරයේ සිට දුම්රිය මඟේම කතා බස්

කරමින් ගමන් කර තිබේ.
ලලංග හර්ෂත් ඔහුගේ පෙම්වතියත් දෑත් පටලවා කතා කරමින් යද්දී පියුමි භාග්‍යා ඔවුන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් ජංගම දුරකථනයේ දසුන් නරඹමින් ගොස් තිබේ. මේ අතර පසුපසින් දුම්රිය පැමිණෙනවා දුටු ලලංග හා ඔහුගේ පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවත් වුවද දැඩි අවධානයෙන් ජංගම දුරකථනය දෙස බලමින් ගිය පියුමි මාර්ගයෙන් ඉවත් වී නොමැත.

දුම්රිය හා ඇය අතර පරතරය ඉතා අඩු බව දැක ඇති ලලන්ග වහාම ඇය ඉවත් කිරීමට උත්සාහ ගත්තද ඔවුන් දෙදෙනාම යට කර ගනිමින් දුම්රිය ඉදිරියට ගමන් කර ඇත. මෙහිදී පියුමිගේ සිරුර දෙකට වෙන්වී දුම්රිය මඟ වැටුණ අතර පාදයක්ද වෙන්වූ ලලංගගේ සිරුරද දුම්රිය මඟටම වැටී තිබිණි.

අවට සිටිය අය වහාම එම ස්ථානයට රොක් වුවද දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැක ඒ වනවිටත් අවසිහියට ලක්ව සිටි ලලංගගේ පෙම්වතිය නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.


මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි පියුමි භාග්‍යා සෙව්වන්දි නමැති අවු 14 වන පාසල් ශිෂ්‍යාවක් හා නාවලපිටිය දෙකිඳ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලලංග හර්ෂ කුමාර යන දෙදෙනායි. මහනුවර සිට ඇල්ල බලා ධාවනය වූ සති අන්ත විශේෂ දුම්රියට නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා බිලි වී තිබේ.

මියගිය පියුමි නාවලපිටිය නගරයේ පාසලක 10 වසර පන්තියේ ඉගෙනුම ලබන අතර ලලංග හර්ෂ මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටි අයකුය.
නාවලපිටිය පොලිසිය පරීක්ෂණ අරඹා සෙනසුරාදා සවස දුම්රිය රියැදුරුගෙන් ප්‍රකාශයක් ගෙන ඇති අතර එහිදී මොවුන් තිදෙනා දුම්රිය මඟේ ඉදිරියට ගිය බවත් පසුපසින් පැමිණි
දුම්රිය නළා හඬ නඟන අවස්ථාවේ දෙදෙනෙක් ඉවත් වුවත් මොවුන්ට ඉදිරියෙන් ගිය ශිෂ්‍යාව අතේ තිබූ යමකට ඇඟිල්ලෙන් ඇන ඇන ගියද නළා හඬ ඇයට නොඇසෙන තරමට ඒ සඳහා අවධානය යොමු කර සිටි බවද ඒ සමඟ ඇය දෙසට මේ සිසුවා පනිනවාත් සමඟ දෙදෙනාම දුම්රියේ ගැටුණු බවත් ප්‍රකාශ කොට ඇත. මියගිය දෙදෙනාගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (3දා) සිදුකෙරිණි.

-මාධව බණ්ඩාර-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රේල්පාරේ ෆේස් බුක් බලමින් ගිය පෙම්වතියගේ මිතුරිය බේරද්දි පෙම්වතාත් දුම්රියේ හැපී මරුට
රේල්පාරේ ෆේස් බුක් බලමින් ගිය පෙම්වතියගේ මිතුරිය බේරද්දි පෙම්වතාත් දුම්රියේ හැපී මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuSGoXeCSLicdxAEsWWvATVcg97lkkP2Oi3xHJPyiZqOEMhsF9PyJMvCuMgAxIwY60OxUw3BVph4LBpd7ROashb8AbV6bDiQf3DXGTNkFAcgQAeinyznvZjuAbjp2ZIWxooOM7rJQBITk/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuSGoXeCSLicdxAEsWWvATVcg97lkkP2Oi3xHJPyiZqOEMhsF9PyJMvCuMgAxIwY60OxUw3BVph4LBpd7ROashb8AbV6bDiQf3DXGTNkFAcgQAeinyznvZjuAbjp2ZIWxooOM7rJQBITk/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy