ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමේ ආණ්ඩුවේ කිසිදු සැලැස්මක් නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. දිලාන් පෙරේර...
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමේ ආණ්ඩුවේ කිසිදු සැලැස්මක් නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
දිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු යොදාගෙන අගමැතිවරයා නාටකයක් රඟ දැක්වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතාට යළි අගමැති ධූරය පැවරු අවස්ථාවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ළඟ තබාගෙන කළ ප්‍රකාශයට වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ජන්ද විමසීමකින් තොරවම සම්මත කර දී එදා කළ දේට රිටර්න් එක දුන් බවයි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
අගමැතිවරයාගේ මෙම ලණුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද හසු වූ අතර අයවැයට ජන්ද නොදී සිටින තත්ත්වයකට ඔවුන් පත් වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS