දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂම්මිව කපා කොටා තුවාල කළ පලිය ගන්න මොරටුමුල්ලේදී ආමි මංජු සහ ගෝලයා මරා පුතාව කපලා
Homeගොසිප්

ෂම්මිව කපා කොටා තුවාල කළ පලිය ගන්න මොරටුමුල්ලේදී ආමි මංජු සහ ගෝලයා මරා පුතාව කපලා

PropellerAds

ඊ යේ උදෑසන මොරටුමුල්ල, මෝල්පේ, කොස්පැලෑන පාලම ආසන්නයේදී යතුරුපැදි කිහිපයකින් හා මෝටර් රථ දෙකකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් වෙඩි ප්‍රහාර කිහි...

ඊයෙ රෑ වැස්සට ගාල්ල යටවුණ හැටි
මන්ත්‍රී ඩී.වී චානක උගත් වුණාට ලැබෙන රැකියාව කම්කරු - මහින්ද රාජපක්ෂ කියයි
"Sasara Danawwa" Musical Event of Lyricist Rambukana Sidhdhartha Thera
යේ උදෑසන මොරටුමුල්ල, මෝල්පේ, කොස්පැලෑන පාලම ආසන්නයේදී යතුරුපැදි කිහිපයකින් හා මෝටර් රථ දෙකකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට තියුණු ආයුධවලින් පහරදී බස් හිමි ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ ගෝලයා ඝාතනයට ලක් කළ අතර ව්‍යාපාරිකයාගේ පුත්‍රයාවද මරණ අරමුණින් කඩුවලින් කොටා බරපතල තුවාල සිදු කර පළාගොස් තිබුණා.
මියගොස් ඇත්තේ මොරටුව, මෝල්පේ, ද සොයිසා මාවතේ
පදිංචි 46 හැවිරිදි ජුවන් පෙඩිගේ දුමින්ද ඉරෝෂණ හෙවත් ‘ආමි මංජු’ නමැති අය හා එම නිවසේ වැඩකටයුතු වලට සහායට සිටි  19 හැවිරිදි චින්තක සඳරුවන් පරණවිතාන නමැති අයකු බවත් ‘ආමි මංජු’ ගේ දෙවැනි පුත්‍රයා චාමර  (23) තියුණු ආයුධවලින් පහරකෑමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වුණා.
දරුණු ප්‍රද්ගලයෙකු බව කියන ආමි මංජු මෙම ප්‍රහාරයට ලක්වූයේ ඔහු සිදු කළ වෙනත් පහරදීමකට එකට එක කිරීමක් ලෙස බව වාර්තාවේ.

මින් ඉහත මොරටුව ප්‍රදේශයේදී පිරිසකට බරපතළ තුවාල සිදුවන අන්දමේ පහරදීමක් සම්බන්ධයෙන්

‘ආමි මංජු’ ඇතුළු පිරිසකට මොරටුව අධිකරණයේ නඩුවක් තිබේ. එම නඩු වාරයක් ඉයේද පැවතී ඇති අතර එකට එක කිරීම සිදුව ඇත්තේ  එයින් පසුවයි.
නඩුවට ගිය ආමි මංජු ත්‍රිරෝද රථයකින් සිය නිවෙසට පැමිණ ත්‍රිරෝද රථයෙන් බැස නිවෙස අසල  පුතා, බාප්පා, පුතාගේ සමීපතම මිත්‍රයෙක් හා බිරිය සමඟ රැඳී සිටියදී එකවරම යතුරුපැදි කිහිපයකින් හා මෝටර් රථ දෙකකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිස වෙඩි තැබීම හා තියුණු ආයුධවලින් පහරදීම සිදුකර පලාගොස් තිබුණි.

බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කළ ‘ආමි මංජු’ සහ ආමි මංජුගේ පුතාගේ යහළුවකු වන තරුණයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත්, ‘ආමි මංජු’ නමැත්තාගේ පුත්‍රයා යැයි කියන තරුණයාගේ අත්වලට හා ශරීරයට සිදුව තිබූ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් පිළියන්දල රෝහලේ වෛද්‍යවරුන් විසින් මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට මාරුකර යැවූ බවත් වාර්තාවේ.

මියගිය ‘ආමි මංජු’ නමැත්තාගේ පපුව පෙදෙසට වැදී තිබූ වෙඩි උණ්ඩයක් පිට දෙසින් මතුව තිබූ බවත් මරණයට පත්ව තිබූ අනෙක් තරුණයාගේ හිසට වෙඩි ප්‍රහාරයක් සහ දරුණු කැපුම් පහරක්

එල්ලවීමෙන් තුවාල සිදුවී තිබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම ප්‍රහාරයට පැමිණි කල්ලියේ සාමාජිකයන් ආමි
මංජුගේ බිරිය හා මව විසින් හඳුනාගෙන ඇති බවද මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පැවසීය. ඔවුන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මොරටුව මෝල්පේ ප‍්‍රදේශයේ පදිංචි දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක් මෙම ප‍්‍රහාරයට හේතුව වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
 මීට මාස හතරකට පමණ පෙර මොරටුව මෝල්පේ ප‍්‍රදේශයේ පදිංචි ‘‘ෂම්මි’’ නමැති පුද්ගලයකු කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබිණි. මෙම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ ඝාතනයට ලක්වූ ආමි මංජු ඇතුළු තිදෙනකු බවට චෝදනා එල්ල වී ඇත. කාලයක් තිස්සේ පැවැති ආරවුලක් මෙම සිදුවීමට හේතුව වී තිබූ බව පොලිසිය පවසයි.

 මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ ආමි මංජු නමැත්තා මාස කීපයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි අතර ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු යළි මොරටුවට පැමිණ ඇත්තේ මීට ටික කලකට පෙරය. එම සිද්ධියට අදාළ නඩුව මොරටුව අධිකරණයේ ඊයේ විභාගයට ගත් අතර ආමි මංජු ඇතුළු පිරිස ඊට පෙනී සිටියහ.
 කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිය මාධ්‍ය ඉදිරියේ සාක්ෂි දෙද්දී පර්මිට් ප්‍රශ්නයක් නිසා ඒගොල්ලො ගහන්න ඇවිත් නඩුවක් යනවා ලෙස මියගිය ආමි මංජු  ගැන සඳහන් කර තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29386,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂම්මිව කපා කොටා තුවාල කළ පලිය ගන්න මොරටුමුල්ලේදී ආමි මංජු සහ ගෝලයා මරා පුතාව කපලා
ෂම්මිව කපා කොටා තුවාල කළ පලිය ගන්න මොරටුමුල්ලේදී ආමි මංජු සහ ගෝලයා මරා පුතාව කපලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSxIVUxXopLZiBQ_waGHZj5O2aTPGS9QPals3n_ZajuoBqMYytqHgd6te1oIfkYl7jHCFkznIespRhtfmJn2Ht2BzlKx87-eMK6fhYVEN0UvQuqFhHsgcEYZJTLGC8rpQ7q3LO6z_1ClA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSxIVUxXopLZiBQ_waGHZj5O2aTPGS9QPals3n_ZajuoBqMYytqHgd6te1oIfkYl7jHCFkznIespRhtfmJn2Ht2BzlKx87-eMK6fhYVEN0UvQuqFhHsgcEYZJTLGC8rpQ7q3LO6z_1ClA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_426.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_426.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy