Loading... ආණ්‌ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්‌ෂය දිස්‌ත්‍රික් මට්‌ටමින් සංවිධානය කරන zඉවසුවා ඇතිZ ජනරැලි මාලාවේ ප්‍රථම විරෝධතා රැලිය ඊයේ (8 ව...
Loading...
තව මාස හයක් ඇතුළත නව ආණ්‌ඩුවක් පිහිටුවන බවත් එසේ පිහිටුවන ආණ්‌ඩුව විසින් නුවර - කොළඹ අධිවේගී මාර්ගය මාස හයක් ඇතුළත ඉදිකර ජනතා අයිතියට පත් කරන බවත් විපක්‍ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන zඉවසුවා ඇතිZ ජන රැලි මාලාවේ පළමු රැලිය ඊයේ (08 වැනිදා) මහනුවරදී පැවති අවස්‌ථාවේදී ය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම ජන රැලියේදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
වත්මන් ආණ්‌ඩුව පසුගිය වසර හතරට කරපු කිසිම දෙයක් නැහැ. අපි 2018 අවසන් වනවිට වැඩ අවසන් කරන්න සැලසුම් කළ මහනුවර අධිවේගී මාර්ගය තවම එහෙමමයි. පේරාදෙණිය සිට නුවරට කිලෝමීටරයක් කාපට් කරගන්න බැරි වෙලා තියෙනවා.
අපි ජනතාවට පොරොන්දු වෙනවා තව මාස හයක් ඇතුළත මේ ආණ්‌ඩුව පරාජයට පත්කර අලුත් ආණ්‌ඩුවක් පිහිටුවනවා. එසේ පිහිටුවන අලුත් ආණ්‌ඩුව මාස හයක් ඇතුළත මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කරනවා.රැස්‌ව සිටි ජනතාවගෙන් කොටසක් ඡායාරූපයේ වෙති.
-දිවයින පුවත්පත
COMMENTS