දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිළිඳු පවුලක උපන් ශාරීරික ව්‍යායාම පුහුණුකුරු ටැරන්ට් යුරෝපා සංචාරයෙන් පසුව මුස්ලිම් විරෝධියෙකුවූ හැටි
Homeගොසිප්

දිළිඳු පවුලක උපන් ශාරීරික ව්‍යායාම පුහුණුකුරු ටැරන්ට් යුරෝපා සංචාරයෙන් පසුව මුස්ලිම් විරෝධියෙකුවූ හැටි

PropellerAds

ඊ යේ ලෝකයේ අවධානය දිනාගනිමින් නවසීලන්තයේ දේවස්ථානයකදී වෙඩි ප්‍රහාරයක් දියත් කළ 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයා ...

ඒකාබද්ධය හා ආණ්ඩු නොහැදීමට ගත් මතේ වෙනස් නැතැයි දුමින්ද කියයි.
අදත් දෙපැත්තෙන්ම සාකච්ඡා.
එජාප අභ්‍යන්තරයේ බලය ඩැහැගැනීමේ මෙහෙයුමක්?
යේ ලෝකයේ අවධානය දිනාගනිමින් නවසීලන්තයේ දේවස්ථානයකදී වෙඩි ප්‍රහාරයක් දියත් කළ 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයා පිළිබඳ වැඩිදුර විස්තර මේ වනවිට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය මගින් අනාවණය කර තිබේ.
ඔහු වෘත්තියෙන් ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රෙලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ වාසය කරමින් සිටි අයෙකු බවද
අනාවරණය කර තිබේ.ඔහු අවිවාහකයෙකු විය.
ඔහු සේවය කළ ආයතනයේ ජිම්නාස්ටික් කළමණාකාරිනී ට්රේසි ග්රේ මෙම පුද්ගලයා තම සේවකයෙකු බව ඒබීසී නිවුස් නාලිකාව වෙත තහවුරු කර තිබුණි.
2009 පාසල් ජීවිතය අවසන් කළ කාලයේ ව්‍යායාම පුහුණු සේවය ඇරඹූ ඔහු 2011 දක්වා එහි නිරතවූ බවත් පසුව ඔහු ආසියාවේ හා යුරෝපයේ සංචාරය කිරීමට පිටත්ව ගිය බවත් ඇය පවසා තිබේ.
"ඔහු අතිශයින් සේවයට කැප වූ පෞද්ගලික පුහුණුකරුවෙකු වුනා"  ඇය කියා තිබේ.

"ඔහු සමාජයේ ළමුන් සඳහා නොමිලේ පුහුණුව ලබා දුන් අපගේ වැඩ සටහනේ වැඩ කළා. ඔහු ඉතා උද්යෝගිමත් අයෙකු වුණා. ඔහුගේ මෙම හැසිරීම මම දන්නා පුද්ගලයාට වඩා වෙනස් ........ලොව වටා සංචාරය කරන කාලය තුළ ඔහු යම් වෙනසකට ලක්වූ බව මට හිතෙනවා" යැයි ඇය පැවසුවාය.

ටැරන්ට් යුරෝපය, ගිනිකොනදිග ආසියාවේ හා නැගෙනහිර ආසියාවට සංචාරය කර ඇත.
ඔහුගේ සංචාරය තුළදී ඔහු උතුරු කොරියාව වෙතයාම විශේෂයෙන් සඳහන් කර ඇත.
තමා ගැන කරන විස්තරයේදී ඔහු පවසා ඇත්තේ තමා ඕස්ට්‍රේලියාවෙ සාමාන්‍ය පවුලක ඉපදී අගහිඟකම් මැද ජීවිතය ඇරඹූ බවයි.

ඔහු සිය උසස් අධ්‍යාපනය අවසන් කරන කාලයේම රොඩ්නි නමැති පියා මියගිය බවත් ගොඩනැගිලි සේවකයෙකුවූ ටැරන්ට්ගේ පියා මියගියේ ඇස්බැස්ටස් තහඩු ආශ්‍රිත අසනීප තත්වයක් මත පිළිකාවක් වර්ධනයවී උත්සන්නවීමෙන් බවත් පැවසේ.ටැරන්ට්ගේ මව ද්විතීයික පාසලක ඉංග්‍රීසි ගුරුවරියක විය.
වයස 49ක්ව සිටි පියා මියගිය පසු තම නැගණියගේ හා මවගේ වගකීම බාරගන්නට අඩු වයසේ සිටි ටැරන්ට්ට සිදුව ඇත. ඔහු පාසලේ ජන්‍රපිය සිසුවෙකු වුවත් විබාග අසමත් සිසුවෙකුවූ බව කියැවේ. ඔහු පාසල් ගමනින් පසු ඉන් එහාට ඉගෙන ගත්තේ නැත.
ටැරන්ට්ගේ පියා සයිකල් ධාවන ශූරයෙකුව සිටි අයෙකි. පියා එම තරග ඉසව් සඳහා ජර්මනියේ ජපානයේ සංචාරවල යද්දී පවුලම රැගෙන ගොස් තිබුණි.

ශාරීරික වයායාම සම්බන්ධ සිය පියාට තිබුණ උනන්දුව ටැරන්ට්ටත් කුඩා කාලයේ සිට පැවති බවත් ඒ ඔස්සේ ව්‍යායාම පුහුණුව ජීවිකාව කරගන්නට ඔහුට හැකිවූ බවත් පැවසේ.
ඔහු වසර 3 ක් එම කටයුතු සාර්ථකව සිදු කළ පසු තනිවම යුරෝපා ආසියානු සංචාරය ඇරඹූවේය.
ඔහුට විවාහ වීමට උනන්දුවක් තිබී නැත.
බ්‍රෙන්ටන් ටැරන්ට් සිදු කළ විදේශ සංචාරය පිලිබඳ වැඩිදුර තොරතුරු අද දින ඩේලි මේල් පුවත්පතේ ගයි ඇඩම්ස්ගේ ලිපියකින් අනාවරණය කර ඇත.

ඔහු ස්පාඤ්ඤය ප්‍රංශය හා පෘතුගාලය වැනි යුරෝපා රටවල දිගු කලක් සංචාරයේ නිරතවී ඇත. එසේම මුස්ලිම් රටක්වූ පකිස්තානයටද ගොස් ඇත. යුරෝපා රටවලදී ඔහු ලද අත්දැකීම් තම සමාජ මාධ්‍ය සටහන් තුලට ඔහු ගොනු කර ඇත. ඔහු තමන්ට ආ අදහස් රැසක් බ්ලොග් අඩවියක සටහන් කර ඇත. එහිදී ඔහු දක්වා ඇත්තේ මුස්ලිම් අන්තවාදය නිසා යුරෝපානුවන භීතියෙන් හා වෛරයෙන් පසුවන බවයි.
ස්ටොක්හෝම් නුවර ඔහු සංචාරය කරන අතරවාරයේ එබා අකර්ලන්ඩ් නමැති 11 හැවිරිදි ස්විස් දැරියක ඉස්ලාමික න්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වූ සිදුවීම ඔහු තමන්ගේ සිත දැඩි කම්පනයක් ඇති කළ අවස්තාවක් ලෙස දක්වා ඇත.

 මේ අන්තවාදය පිටුදැකීම සඳහා සමූල ඝාතන යුද විසඳුම් මිස වෙනකක් නැති බව ඔහුගේ සටහන් තුළ දක්වා ඇත. මුස්ලිම් අන්තවාදය හෙළාදකින කටයුතු නිසා ඇමරිකානු ජනපති ට්‍රම්ප් ඔහුගේ පැසසුමට ලක්වූ නායකයෙකි. එසේම ඔස්වල්ඩ් මොස්ලි නමැති බ්‍රිතාන්‍ය පූර්ව යුද දක්ෂිණාංශික දේශපාලකයා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දක්වා තිබෙන අදහස් තමන් අගය කරන බව ඔහුගේ සටහන් තුළ දක්වා ඇත.

ඊයේ බ්‍රෙන්ටන් ටැරන්ට් ගේ හැසිරීමට සමාන හැසිරීමක් මින් ඉහත ඇන්ඩර්ස් බර්වික් නමැති නෝවේජියානු ත්‍රස්තවාදියා 2011 ඔස්ලෝ නුවර හා උටොයාහිදී සිදු කර තිබුනේ 77 දෙනෙකු මරා දමමිනි. එසේම ඩිලන් රූෆ් චාර්ල්ස්ටන් නුවරදී 2015 සිදු කළ ප්‍රහාරයත් ඩැරන් ඔබ්ස්රොන් 2017 බරිපාර්ක්හිදී සිදුකළ මේ හා සමාන ප්‍රහාරයත් නිර්භිත පුද්ගලයින්ගේ වීරවික්‍රම ලෙස ටැරන්ට් නම්කර තිබේ.
ඔහු තමන්ගේ මුස්ලිම් විරෝධී අදහස් දැක්වෙන පිටු 73 ක දීර්ඝ ලිපිය තම ට්විටර් ගිනුම ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුනේ 2019 ජනවාරි මාසයේය.

ඊයේ ප්‍රහාරය සිදුවන්නට දින දෙකකට පෙර විවිධ නම් කොටන ලද සිය ආයුධ වල ඡායාරූප ට්විටර් ගිනුම ඔස්සේ ප්‍රසිද්ධ කරන්නට ටැරන්ට් කටයුතු කර තිබූ අතර එම නම් වල දක්වා තිබුනේ මධ්‍යතන යුගයේ පැවති ආගමික යුද්ධ අතරදී මුස්ලිම් විරෝධය හඟවමින් සටහන්වූ යෙදුම්ය.

 ඊයේ සිද්ධියට මිනිත්තු 12 කට පෙර තමන් ප්‍රහාරයක් දියත් කරන්න යන තැන ගැනද එහු ට්විටර් මගින් හෙළිකර තිබී ඇත. මෙවැනි තත්වයක් තුළ නවසීලන්ත බුද්ධි අංශ ඔහු ගැන දැනුවත් නොවීම ගැටලු කාරී බවට වාර්තා පළව තිබේ.
ටැරන්ට් ඝාතන සිදු කරන වීඩියෝව අන්තර්ජාලයෙන් අතුගා දැමීමට ප්‍රධාන මාධය කටයුතු කළත් එය බොහෝ අය දැක තිබුණි.

එහි ඔහු පැමිණෙන වාහනය තුළ වාදනය වෙමින් පැවති ගීත දෙකක් ගැනද දැන් ලෝක අවධානය යොමුව පවතී. ඔහු වාහනයෙන් එනවිට වාදනය කරමින් තිබූ ගීතය වනුයේ Remove kebab නමැති සර්බියානු යුදකාමී ගීතයයි
එහි අරුථ වන්නේ ඉස්ලාම් දහම යුරෝපයේ පැතිරීම වළක්වන්නට හොඳම විසඳුම සංක්‍රමනික තහනම බවයි.
එසේම ඔහු වෙඩි තබා නැවත වාහනයට පැමිණෙන විට තවත් ගීතයක් වාදනය විය.
Waffen SS Choir Remix නමැති එම ගීතය දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ හමුදා සේනාංකගේ එඩිය වර්ධනය පිණිස ප්‍රචණ්ඩත්වයෙන් පිරි අදහස් සහිතව වාදනය වූ ගීයකි.

අද (16) ටැරන්ට් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව අප්‍රේල් මස 05 වෙනිදා නැවත නඩුව සලකා බැලීමට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ සම්පූර්ණ සමාලෝචනයක් එදින ඉදිරිපත් කරනු ඇත.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිළිඳු පවුලක උපන් ශාරීරික ව්‍යායාම පුහුණුකුරු ටැරන්ට් යුරෝපා සංචාරයෙන් පසුව මුස්ලිම් විරෝධියෙකුවූ හැටි
දිළිඳු පවුලක උපන් ශාරීරික ව්‍යායාම පුහුණුකුරු ටැරන්ට් යුරෝපා සංචාරයෙන් පසුව මුස්ලිම් විරෝධියෙකුවූ හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9r48YHDNf5LnigltL5ea4ErJoo2UbprqyWvQuNf-LHEUyXB8OnrhOSuJV1eCFBrqPowwntjHB87ax2WVjdvmBX1I1nCFNxmRIivTjMiYVOci6Oj_LjUJdAZvPKNfaSyveRp6g1HIi5YU/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9r48YHDNf5LnigltL5ea4ErJoo2UbprqyWvQuNf-LHEUyXB8OnrhOSuJV1eCFBrqPowwntjHB87ax2WVjdvmBX1I1nCFNxmRIivTjMiYVOci6Oj_LjUJdAZvPKNfaSyveRp6g1HIi5YU/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_373.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_373.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy