ආණ්ඩුව කිසිවක් නොකළ බව කියා පසුගිය කාලයේ ජනතාවගෙන් සියයට පනහක් පමණ ආණ්ඩුවට බැනවැදුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ‘සිරිකොත ග...
ආණ්ඩුව කිසිවක් නොකළ බව කියා පසුගිය කාලයේ ජනතාවගෙන් සියයට පනහක් පමණ ආණ්ඩුවට බැනවැදුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
‘සිරිකොත ගමට’ වැඩසටහන යටතේ එක්සත් ජාතික පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා සංවිධානය කළ වැඩසටහනට එක්වෙමින් මතුගම නගරයේ පැවැති ජන හමුවක් අමතා එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙලෙස සඳහන් කළා.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ අග්‍රාමාත්‍යවරයා මෙලෙසද සඳහන් කළා.
"අනුන්ගේ පවු ගෙවන්න අපි සියලු දෙනා දුක් වින්දා. ආයෙ නම් මුන්ට ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා බැන්නා. නමුත් අපි කරපු වැඩවල ප්‍රතිඵල දැන් එනවා. මේ වසරේ අවසානය වන විට ආණ්ඩුව කළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිඵල එනවා’'
COMMENTS