දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ස්ලිට් ආයතනය පැවරීම ඇතුළු අධ්‍යාපනයේ බරපතළ දූෂණ 4ක් ගැන විජේදාසගෙන් පැමිණිලි.

Loading... යහපාලන ආණ්ඩු සමයේදී උසස් අධ්‍යාපන අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් සිදුවූ බරපතල දූෂණ සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් එක්සත් ජා...

Loading...
යහපාලන ආණ්ඩු සමයේදී උසස් අධ්‍යාපන අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් සිදුවූ බරපතල දූෂණ සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඊයේ (28)දා* පැමිණිලි කළේය. 
  උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් ලබා ගැනීමේ අරමුණින් පිහිටුවා තිබූ තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්* වංචනික ලෙස පවරා රුපියල් මිලියන විසි තුන්දාහක පාඩුවක් සිදුකිරීම, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 2018 වසරේදී පාසැල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවට වවුචර් ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 538 ක අමතර වියදමක් දැරීමට සිදුවීම, සුරක්‍ෂා රක්‍ෂණ ක‍්‍රමයෙන් අවම ලෙස රජයට රුපියල් මිලියන 2300 ක අලාභයක් සිදුකිරීම හා 2018 වසරේ පාසල් පෙළපොත් ප‍්‍රදානයේදී අධ්‍යාපන ඇමැතිවරයාගේ රූපය හා පණිවුඩයක් ඇතුල් කිරීමට සෑම පොතකටම අමතර පිටුවක් එක්කිරීමෙන් රුපියල් මිලියන 29 ක් යෙදවීම ආදිය එම පැමිණිලි අතර වෙයි.

 1998 දී මහපොළ අරමුදලින් රුපියල් මිලියන 373 ක මුදලක් යොදා මාලබේ ප‍්‍රදේශයේදී ස්ලිට් ආයතනය පිහිටුවනු ලැබූ බවත් එය 2015 වනවිට පෞද්ගලික විශ්වවිiාලයක් ලෙස දියුණු වූ අතර එහි ගොඩනැගිලි හා යටිතල පහසුකම්වල වටිනාකම රුපියල් මිලියන 20000 ඉක්මවා තිබු බවත් ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

 2015 දී එවකට එම ආයතනයේ පාලන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් විසින් නීති විරෝධී ලෙස මහපොළ භාරකාර මණ්ඩලයේ අනුමැතියකින්ද තොරව ස්ලිට් ආයතනය තමන් වෙත පවරා ගැනීමට කටයුතු කර ඇති බවද හෙතෙම ඊයේ (28 දා* පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අනාවරණය කරනු ලැබීය.

 මෙම පැවරීමේදී රුපියල් මිලියන 408 ක මුදලක් මහපොළ වෙත ගෙවූ බවට ගිවිසුමක් අත්සන් කර ඇති බවද මන්ත‍්‍රීවරයා කීය. එහෙත් මෙම පැවරුණු වත්කම්වල නියම වටිනාකම රුපියල් මිලියන 28000 ඉක්මවන බවද පැවසීය.

 තමා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී මේ පිළිබඳව සොයා බැලූ බවද වංචනිකව පැවරීම් සිදුකර ඇති නිසා යළි මහපොළ අරමුදල වෙත එම ස්ලිට් ආයතනය පවරා ගැනීමට ඇමැති මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් මුදල් ඇමැතිවරයාගේ විරෝධය හේතුවෙන් සම්මත කිරීමට නොහැකිවූ බවද කියා සිටියේය.
-දිවයින පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්ලිට් ආයතනය පැවරීම ඇතුළු අධ්‍යාපනයේ බරපතළ දූෂණ 4ක් ගැන විජේදාසගෙන් පැමිණිලි.
ස්ලිට් ආයතනය පැවරීම ඇතුළු අධ්‍යාපනයේ බරපතළ දූෂණ 4ක් ගැන විජේදාසගෙන් පැමිණිලි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWzFk3DygxJUseH-dME7XQcugvrjgB9FyCUEWmK2iIi9LRP8fME_Qvrmc5Ca_81BeZi8-knzXTXTBwwDEh9jFDgQ5mhcZqC-Xhyphenhyphent4vhtxariue0HLuU0sEArcvQaHlPIfzwg3MGsSAdcc/s400/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWzFk3DygxJUseH-dME7XQcugvrjgB9FyCUEWmK2iIi9LRP8fME_Qvrmc5Ca_81BeZi8-knzXTXTBwwDEh9jFDgQ5mhcZqC-Xhyphenhyphent4vhtxariue0HLuU0sEArcvQaHlPIfzwg3MGsSAdcc/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy