මේ දිනවල පවතින බිග් මැච් උණුසුමට මුවාවී කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදී රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කළැයි කියන පිරිමි ප...
මේ හේතුවෙන් විදුහලේ ගේට්ටු දෙකකට, පාසල් වාහන කිහිපයකට සහ දේපළ රැසකට අලාභ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිසුන් පිරිස වාහන කිහිපයකින් පැමිණ කළහකාරී ලෙස හැසිරුණු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
බාලිකා පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා බාරදීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS