මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නියැලී සිටි ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ දේහයන් ඊයේ (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන...
මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නියැලී සිටි ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ දේහයන් ඊයේ (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .
එම දේහයන් රැගත් තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉස්තාන්බුල් නුවර සිට පස්වරු 3.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය .
එම දේහයන් භාර ගැනීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රැවන් විජේවර්ධන , ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනාරත්න , මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්‍රධානී ස්වීඩන් යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් ඩෙනිස් ඇතුළු ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
යුධ හමුදා නිලධාරීන්ගේ ආචාර මධ්‍යයේ මෙම දේහයන් ගුවන් යානයේ සිට අවමංගල්‍ය රථ කරා ගෙනයනු ලැබීය .
ඉකුත් 1/25 දින මාලී රාජ්‍යයේ වේලාවෙන් උදෑසන 6.25 ට පමණ මෙම නිලධාරීන් අනතුරට ලක් වී තිබුණි .
මෙසේ එම අනතුරින් මිය ගොස් සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබළ හමුදාවට අයත් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මේජර් එච්.ඩබ්ලිව්.ඩී.ජයවික්‍රම සහ යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සාජන්ට් 36 හැවිරිදි කුරුණෑගල පොල්පිතිගම පදිංචි එස්.එස්.විජේවික්‍රම යන නිලධාරීන් වේ.
මෙහිදී ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය තුළ දී මාධ්‍ය ඇමතූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අපගේ හමුදා නිලධාරීන් මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා කටයුතු අකුරටම ඉටු කරමින් සිටිනවා . මේ පිළිබඳව ප්‍රශංසාත්මක ඇගැයීම් එක්සත් ජාතීන්ගේ සංගමය මගින් අප වෙත ලැබී තිබෙනවා . මිය ගිය මෙම හමුදා නිලධාරීන්ගේ පවුල් වලට එක්සත් ජාතීන්ගේ සංගමය මගින් ප්‍රතිපාදන ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා .
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනාරත්න මහතා , මව් බිම වෙනුවෙන් සටන් කර තම මව්බිමට නිදහස ලබා දුන් මෙම රණවිරුවන් , ජාත්‍යන්තර වශයෙන් සමස්ථ ලෝක වාසීන්ට නිදහස දිනා දීමට මෙසේ කටයුතු කරමින් සිටියදී මෙම අනතුරුට මුහුණ දී ඇති බව පැවසීය .
මෙම අනතුරින් තුවාල ලැබූ අනෙකුත් ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් මේ වනවිට සුවය ලබමින් පසුවන බවද පැවසීය .
මෙම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ නිර්භීතභාවය , රාජකාරීයට ඇප කැප වීම සදහා මේ අවස්ථාවේ මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් ඩෙනිස් මහතා මෙහි පැමිණ සිටීමෙන් තහවුරු වන බවද පැවසීය .
මෙහිදී අදහස් දැක්වූ මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා ප්‍රධානී ස්වීඩන් යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් ඩෙනිස් මහතා , මම මුලින්ම ශ්‍රී ලාංකික ජනතාවට සහ මෙම නිලධාරීන්ගේ පවුල් වල උදවියට අපගේ ශෝකය පළ කර සිටිනවා .
මෙම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් මාලී රාජ්‍යය තුළ අමාරු , දුෂ්කර හමුදා ක්‍රියාන්විත වල නියැලී සිටිනවා . ඔවුන් රාජකාරීමය වශයෙන් වඩාත් වෘත්තීයමය භාවයක් පෙන්නුම් කරන , කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරන දක්ෂ හමුදාවක් බව ප්‍රකාශ කරනවා . මෙම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ සේවය දිගටම ලෝකය පුරා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී කටයුතු සදහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා .
ඉන් පසු මෙම හමුදා නිලධාරීන්ගේ දේහයන් විශේෂ රථ පෙරහැරක් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යනු ලැබීය.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS