මත්ද්‍රව්‍ය භාවිත කරන පාලකයන් සිටින රට මත්ද්‍රව්‍ය පැතිරයාම අසාමාන්‍ය කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන...
මත්ද්‍රව්‍ය භාවිත කරන පාලකයන් සිටින රට මත්ද්‍රව්‍ය පැතිරයාම අසාමාන්‍ය කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ (27) පැවැති ජනහමුවකට එක්වෙමිනි.
මත්ද්‍රව්‍යවල විෂ අද වන විට සෑම තැනම ඇති බවත්, කුඩු භාවිතා කරන පුද්ගලයින් රට පාලනය කරන්නේ නම්, මීට වඩා වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුව ඇතුළේ කුඩු භාවිතා කරනවා යනු රහසක් නොවන බවත්, සියලු දෙනා මේ බව දන්නා බවත්, පුදුමයට කරුණ වන්නේ, රටට අවශ්‍ය දේ නොකර සිටීම නිසා අද වන විට ආණ්ඩුව තුළින්ම ඒ බව පැවසීම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
රටක් ලෙස මේ හේතුවෙන් ඉතා අවාසනාවන්ත තැනකට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS