ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සදහා රජයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරක...
ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සදහා රජයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (20) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවති ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.
මේ වන විට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා කි‍්‍රයාත්මක වන අතර අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සහයෙන් නැගී සිටින අභිමානවත් පුරවැසියෙකු බිහි කිරිම අරමුණු කර ගනිමින් එම වැඩපිළිවෙළ වඩා පුළුල් සහ කාර්යක්ෂම කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.
ජනවාරි 23 වනදා සිට 30 වනදා දක්වා වන සතිය ග‍්‍රාමශක්ති සතිය ලෙස ප‍්‍රකාශයට පත් කරන අතර එම සතිය තුළ මෙම වැඩසටහන සමග ජනතා පෙළගැස්ම සහ ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.
පාසල්වල පවතින අඩු පාඩු රැසක් පිළිබදව විදුහල්පතිවරුන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒවා කඩිනමින් ඉටුකර දීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ ප‍්‍රවේශ මාර්ග ඉදිකිරීමේ කටයුතු සදහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.
COMMENTS