දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ" - ජනපති
Homeප්‍රවෘත්ති

"වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ" - ජනපති

PropellerAds

ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති න...

දැන් ජනාධිපති අපේක්ෂකයො වැහි වැහැලා.. මෛත්‍රී නැවතත් ජනාධිපතිවරණයට? - (video)
කෙහෙලියගේ කියන්නේ බොරු - ඔලිම්පික් ගිය ඇමතිවරුන්ගෙන් නිවේදනයක්
පාස්කු බෝම්බකරුට රිෂාඩ්ලා විශේෂ අනුග‍්‍රහයක් දීලා...කෝටි ගණනක මුදල් ඩොලර් කරලා !

ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් මහ බැංකු මංකොල්ලය හරහා ආණ්ඩුව ඇඟට දමා ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නොමැති නම් ඔහු ගෙන්විය නොහැකි බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් සෙවූ කොමිසම මගින් වෝහාරික විගණනයක් කරන ලෙස නිර්දේශ කර ඇතත් එවැන්නක් තවම ආරම්භ වී නැතැයිද ජනාධිපතිවරයා කීවේය.
 
රටට ලැබිය යුතු විශාල ආදායමක් දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා කිහිපයක් විසින් රටට අහිමි කරන බවත් ඒවා රජයටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්ජනාධිපතිවරයා කීවේය.
 
එම ආයතනවල සිදුවන දූෂණ අක‍්‍රමිකතා පාලනය කරන්නට යන විට ඔවුන් වෘත්තීය සමිතිවල බලය පෙන්වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
 
වාර්ෂික අයවැය පරතරය පියවීම සඳහා විදේශීය, දේශීය ණය හා රාජ්‍ය බැංකුවල මුදල් සූරාගන්න සිදුව තිබෙන්නේ ආයතන කිහිපයක් විසින් රාජ්‍ය ආදායම් අහිමි කරන නිසා බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
රටේ එක් කොටසක් අවංකව සේවය කරද්දී තව කොටසක් හොරකම් කිරීම ඛේදවාචකයක් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා වංචා කරන දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම අහිමි කරන ආයතන ගැන කවුරුත් කතා නොකිරීම කණගාටුවට කරුණක් බව ද  කීවේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ" - ජනපති
"වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ" - ජනපති
http://am.lk/media/k2/items/cache/7a6aa675785e820e2f039b33c8a75bf2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_8417.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_8417.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy