දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කුඩු චූටි ඝාතන තැත සමග එළිවුණ කංජිපාන ඉම්රාන්ගේ අනියම් ඇසුරුකම් හා මුස්ලිම් පාතාලය

ප සුගියදා කොටහේනේ නිවසකදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ආශා ෆාජී නොහොත් කුඩු චුටි නමැත්තිය ගැන කියැවෙද්දී දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපාන ඉම...

https://www.gossiplankanews.com/2019/02/kanjipani-imran-ex-lovers-and-muslim-underworld.html
සුගියදා කොටහේනේ නිවසකදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ආශා ෆාජී නොහොත් කුඩු චුටි නමැත්තිය ගැන කියැවෙද්දී දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපාන ඉම්රාන්ගේ නම කියැවිණි. ඇය ඔහුගේ අනියම් බිරිඳක ලෙස සිටි බවට මාධ්‍ය වාර්තා පළ විය.
 අශා ෆාජි යනු පාතාල කුඩු ප්‍රබලයෙකුවූ මාළිගාවත්තේ ෆාජිගේ බිරිඳය. ෆාජි මියගිය පසු එම ව්‍යාපාර අතට ගත්තේ ඇය බව කියැවේ. ඇය සැමියා සිටියදීත් සැමියා මළ පසුත් විවිධ පුද්ගලයින් සමග අනියම් ඇසුරුකම් පවත්වා
ඇත. කෙසේ වෙතත් කංජිපාන ඉම්රාන් හා ඇය අතර සම්බන්ධයක් තිබූ බව පාතාල සබඳතා ගැන පොලිස් විමර්ශන අනුව වාර්තාවී නැත.

කංජිපාන ඉම්රාන් යනුවෙන් හඳුන්වන මොහොමඩ් ඉම්රාන් යනු මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පල්ලිය අසල කැඳ විකිණූ කොල්ලෙකි. ඔහු වැඩිදුර අධ්‍යාපනයක් ලබා තිබුණේද නැත. කැඳ විකිණු කොල්ලාට කවුරුත් කංජිපාතා (කැදයා) යැයි පවසා තිබේ. කැඳ විකුණන අතර ෆාජිලා සමග එක්ව කුඩු ජාවාරම කරන්නට පටන්ගත් ඉම්රාන් පසුව එම ක්ෂෙත්‍රයේ ප්‍රකට විය. ඉම්රාන්, රිති රිතෝෂා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ ඔහු දුප්පත්ව සිටියදීමය. රිති යහමින් මුදල්හදල් තිබූ පවුලක තරුණියකි. එහෙත් ඇය 15 වන වියේදීම ඉම්රාන් විවාහ කරගත්තාය. ෆාජිලා සමග කුඩු ජාවාරමේ නිරත වීමෙන් පසු යහමින් මුදල් ඉපයූ ඔහු ඇය සමග වෙනම නිවසකට පදිංචියට ගියේය.



මාළිගාවත්ත පාතාලයේ ප්‍රබලයින්ගේ සටන් වලින් පසුව ඇතිවූ ජීවිත තර්ජනය නිසා කංජීපාන් ලංකාවෙන් පලා යන්තේ 2009න් පසුය. අයුබ්බාත්, කුඩු නුර්, ආනමාලු ඉමිටියාස්, ෆාජි, මාමස්මි, මංජල් අකුම් වැනි මාළිගාවත්ත පාතාලයේ කෙරුමෝ සියලු දෙනා එකිනෙකා අතර වූ බෙදීම නිසාත් පොලිසියේ මර්දනයත් නිසා ජීවිතය ගැන කංජිපාන ඉම්රාන්ට අනතුරක් දැනිණි. ඔහු බිරිය හා දරුවා ලංකාවේ සිටියදී ඩුබායි ගියේ තත්වය මග හැරෙනතුරුය.
නමුත් ඔහු පසුව ඇයව සම්පුර්ණයෙන්ම අත්හැර දැමුවේ ඇයට වෙනත් සම්බන්ධකම් ඇති බව ආරංචි වීමෙනි.
 ඇය ඔහුට දික්කසාදය දීමද ප්‍රතිෂ්ප කළ නිසා ඉම්රාන් ඇය සමඟ වෛරයෙන් පසුවූ අතර  කුඩු කෝටිපතියෙකුවූ මංජල් අක්‍රම් නමැත්තෙකු නීත්‍යනුකූල බිරිඳ සමග සබඳකමක් ඇති කරගත්තේය. මංජල් අක්‍රම් පාතාල ගැටුමකින් මරු දකින්නේ පසුවයි. එයට කංජිපාන සම්බන්ධදැයි පැහැදිලි නැත. මංජල් මියගිය පසු  දේපළ සියල්ල අයත් වූයේ ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වූ දුසරාටය. ඒ දේපළද අත්පත් කරගත් ඉන් සිය පුතාද දුසරාද මංජල්ගෙන් උපන් දරුවාද දෙදෙනාම ඩුබායිවලට ගෙන්වා ගන්නට කංජිපානි කටයුුතු කලේය.

එහිදී ඔවුන්ට තචත් දරුවෙකු ලැබිණ. ඒ දරුවාගේ දැන් වයස අවුරුදු දෙකක් පමණ වේ.
දුසරා සමග නව ජීවිතයක් ඇරඹූ පසු කංජිපානි ඉම්රාන්ගේ විවාහක බිරිය දික්කසාදය දීම මුලුමනින් ප්‍රතික්ෂෙප කර තිබී ඇති අතරම දුසරාගේ ලංකාවේ ඥාතීන්ට තර්ජනය කළ බවද කියැවේ.
එහි පලිගැනීමක් ලෙස තම විවාහක බිරිය වු රිති රිතෝෂාට පසුගිය වසරේ අගෝස්තු 26 වෙනිදා මාළිගාවත්ත ලොන්ඩරිය අසල ඇගේ නිවසේ සිටියදීම වෙඩි තබා ඝාතනය කරවන්නට කංජිපානි ඉම්රාන් කටයුතු කලේය. ඒ සඳහා යොදවා ගත්තේ තම මුස්ලිම් පාතාලයේ සගයන් වූ
අළුම් හා ෆයිසර් නමැති පාතාල සාමාජිකයන් දෙදෙනෙකි.
එම සැකකරුවන් දෙදෙනාද පසුගියදා ඩුබායිදී අත්අඩංගුවට පත් පිරිස සමග සිටි බවට දැන් හෙළිදරව් වී තිබේ.
ඩුබායි සිටියදී කංජිපාන ඉම්රාන් විසින් සිදුකළ බව කියන අපරාධ රැසකි. ඔහු එරටදී හැසිරුනේ පාතාල බුද්ධි නායකයෙකු පරිද්දෙනි.

ඔහුගේ සන්නද්ධ අංශය බාරව සිටියේ මදුෂ්ය. මදුෂ් මෙවැනි තත්වයක් වෙත ඇදදැමුවේද කංජිපාන ඉම්රාන්ය.

වැඩක් දුන්නොත් හරියට කරන කොල්ලෙක් ලෙස මදුෂ් ගැන තම මුස්ලිම් පාතාල නායකයින්ගෙන් ලැබුණ ආරංචි අනුව කුරුණෑගල ඒරියා බාරව කුඩු විකුණමින් සුළුපරිමාණ වැඩ කරමින්  සිටි  මදුෂ් ඩුබායි වෙත ගෙන්වා ගත්තේ ඔහුය. පුද්ගලික හේතු මත මිනීමැරුම් කිහිපයක් කර ලංකාවේ විසීම අවදානමක් පැවතීම නිසාද මධුෂ්ගේ පැත්තෙන් එවැනි ගමනකට හේතු මතුකර තිබුණි.
මෙරට සිටින පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධ කරගනිමින් කුඩු ජාවාරම කරගෙන ගියත් ඉම්රාන් යනු වැඩකාරයෙක් නොවේ යන්න ඔහු වටා සිටි අයගේ අදහසයි.ඔහු දක්ෂ වූයේ තමන්ට අවශ්‍ය දේ අනුන් ලවා කරවා ගැනීමට බවද කියැවිණි. වඩාත් පැහැදිලිව හඳුනාගැනීමේදී ඉම්රාන්ට මෙතරම් බලයක් ලැබෙන්නේ ඔහු ජාත්‍යන්තර මුස්ලිම් කුඩු පාතාලය සමග දැක්වූ සම්බන්ධතා නිසාය. මදුෂ්ලා කෙතරම් වැඩ කාරයන් වුවත් එවැනි සබඳතා ගොඩනගාගෙන නොතිබිණි.
ඉම්රාත් තමන්ගේ කුඩු ගනුදෙනුවලදී මුදල් ලබානොදුන් අයට පිළිතුරු දුන්නේ වෙඩි තබා ඝාතනය කිරිමෙන් බව අවස්ථා ගණනාවකදී තහවුරු කර තිබේ. ඇන්ටනි රාජ් ඝාතනයද එවැනිම කරුණක් පදනම් කරගෙන සිදුවූ බවට සැක කෙරේ. ඔහු සාතනය වෙන්නේ 2018 මාර්තු 19 වැනිදා ආමර් වීදීයේදීය.

එයට ඔහු යතුරුපැදිකරු ලෙස  පලනි නමැත්තා යොදාගත් අතර වෙඩික්කරු සපයා තිබුණේ මධූෂ්ය. එම වසරේම මාර්තු 27 වැනි දා මොහොමඩ් නිරාස් වෙඩිතබා ඝාතනය කෙරුණේ මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාර්ගයේදීය. ඉම්රාන්ගේ කුඩු ජාවාරමේ ප්‍රබලයෙකු ගැන ඔත්තු දුන්නැයි එළිසබත් ගීතා පෙරේරා හා ඇගේ සැමියා 2018 ජුලි 09 වැනිදා ඝාතනය කරවූයේය.

මදුෂ් මෙහෙයවූ කොස් මල්ලි ඝාතනයට මග සැදුනේ කංජීපාන් ඉම්රාන්ගේ උවමනාවකි. තම මිතුරාවූ මොහොමඩ් රිස්වාන් අලුත්කඩේදී කොස් මල්ලී විසින් ඝාතනය කිරීමට පිළිතුරු ලෙස එය කර තිබුනි.
කංජීපාන ඉම්රාන් ඩුබායිහි මදුෂ්ව රඳවාගෙන තබාගෙන සිටින ආකාරයටම තවත් අයෙකු රඳවා තබාගෙන තිබේ ඔහු අහුන්ගල්ලේ බුද්ධ ය.  ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ සියාම්, ෆාත් පයිසර්, අජිනි, ආවි, ඉටු වැනි ඉම්රාගේ බොහෝමයක් ගෝලයන් ඩුබායිවලට ගෙන්වාගෙන තිබුණේ ඔහුය.
මෙරට සිටියහොත් සිරබත් කන්නට වන හෙයිනි.

 කංජිපාන ඉම්රාන් පසුගිය කාලයේ මෙරට දී සිය සහචරයන් යොදවා දිනකට හෙරොයින් කිලෝග්‍රෑමයක් පමණ විකුණමින් එක් දිනකදී කෝටි ගණනින් මුදල් ඉපැයූ අයෙකි, ප්‍රධාන ලෙසම මන්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන කංජීපාන ඉම්රාන් ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ජාවාරම්කරුවන් සමගද සබදතා ගොඩනගාගෙන මෙරට තුළ මන්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවමින් සිටියේය. ඔහුට පාකිස්තානයේ 'කුඩු රජා ලෙස සැලැකෙන ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරයට ද අත්‍යවශ්‍ය අපරාධකාරයෙක් වන  ඩුබායිහි වෙසෙන ඉබ්‍රාහිම් ඩාවුඩ් සමගද සබදතා ඇති බව වාර්තා තිබේ.

අනුව දශකයේ මුල් භාගයේදී හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ ඉමිටියාස් හරහා කුඩු නූර් වැන්නන්ගෙන් ආරම්භ වූ මෙරට මුස්ලිම් පාතාලයේ තිඹිරිගෙය වන මාලිගාවත්තේ ශ්‍රී සද්ධර්ම මාවතේ ඉපදුණ කංජිපාන ඉම්රාන්  ජුම්මා මස්ජිඩ් මාර්ගයේ විසු ෆාතීන්ගේ කලියට එක්වී අනතුරුව ඉරාන් ෆාජි ඇතුළු එම කල්ලියේ ප්‍රබලයන් වූ මාමස්මින්, ටෝජි, බයියා, මංජල් අක්‍රම් වැන්නන්ට ආවතේව කරමින් මේ දක්වා පැමිණියේය.
ඩුබායි හිරගෙදර සිට ඔහු ලංකාවේ ගෝලයින්ට ඇමතුම් දෙමින් පවසන්නේ තමා තව ටික දිනකින් නිදහස් වන බවත් එතෙක් සැඟවී ඉවසන ලෙසත්ය.
ඔහු ඇතුළු පිරිස තවමත් කල්පනා කරන්නේ ඩුබායිහිදී හසුවීම තාවකාලික පසුබැසීමක් ලෙස පමණි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28608,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩු චූටි ඝාතන තැත සමග එළිවුණ කංජිපාන ඉම්රාන්ගේ අනියම් ඇසුරුකම් හා මුස්ලිම් පාතාලය
කුඩු චූටි ඝාතන තැත සමග එළිවුණ කංජිපාන ඉම්රාන්ගේ අනියම් ඇසුරුකම් හා මුස්ලිම් පාතාලය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3J4Kv0SbT9424lw6QE4YKgRWOJeux_7XLjPnYInJ1NyPmdhy4q9vfAos3dm8xrG2HDYoKLTpa7fPlGTZfLj1uIPvaUO6zGcoNYjSqzCZO-9CItOau4DeeLHQ-buhIzmT-DR4mfp9nz_k/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3J4Kv0SbT9424lw6QE4YKgRWOJeux_7XLjPnYInJ1NyPmdhy4q9vfAos3dm8xrG2HDYoKLTpa7fPlGTZfLj1uIPvaUO6zGcoNYjSqzCZO-9CItOau4DeeLHQ-buhIzmT-DR4mfp9nz_k/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_756.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_756.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy