දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බාලවයස්කාර දියණියට අතවර කළ නරුම පියා වසර 60 ක් හිරේ,දියණියට ලක්ෂ 10ක් වන්දි ගෙවීමටත් නියෝග

Loading... සිය 13 හැවිරිදි බාලවයස්කාර දියණිය වසර කිහිපයක් තිස්සේ අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පස් දරු පියකුට තංගල්ල මහ...

Loading...
සිය 13 හැවිරිදි බාලවයස්කාර දියණිය වසර කිහිපයක් තිස්සේ අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පස් දරු පියකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා වසර 60 ක සිර දඬුවමක් හා අගතියට පත් දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස ඊයේ (11 දා) නියෝග කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ හුංගම, බටඅත පදිංචි 57 හැවිරිදි පස් දරු පියකුටය.
සැකකාර පියා 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළදී අවස්ථා ගණනාවකදීම සිය බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව චෝදනා 03 බැගින් චෝදනා 06 ක් සඳහා තංගල්ල මහාධිකරණයේ නඩු දෙකක් වෙන වෙනම පවරා තිබිණි.
අදාළ වැරදි සම්බන්ධයෙන් වරදකරු වූ සැකකාර පියාට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ දඬුවම් නියම කෙරිණි. සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා හයටම වරදකරු වූ සැකකාර පියාට එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා 06 ට වසර 60ක සිර දඬුවමක් නියම කෙරිණි. මීට අමතරව එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් චෝදනා 06 සඳහා රුපියල් 30,000 ක දඩ මුදලක් ද නියම කෙරුණු අතර දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06 බැගින් තවත් වසර 03 ක සිර දඬුවමක් නියම කෙරිණි.
මීට අමතරව වින්දිත දැරිය සඳහා එක් නඩුවකට රුපියල් ලක්ෂ 5 බැගින් නඩු දෙක සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ද ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර එම මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් තවත් වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් හුංගම පොලිසියේ පොලිස් කොස්තාපල් විපුල මහතා රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමග පෙනී සිටියේය.
මත්තල - දිලීප් එන්. ජයසේකර
දිවයින පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29604,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාලවයස්කාර දියණියට අතවර කළ නරුම පියා වසර 60 ක් හිරේ,දියණියට ලක්ෂ 10ක් වන්දි ගෙවීමටත් නියෝග
බාලවයස්කාර දියණියට අතවර කළ නරුම පියා වසර 60 ක් හිරේ,දියණියට ලක්ෂ 10ක් වන්දි ගෙවීමටත් නියෝග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK9upE4aRYa5kCha24le8CuisYpeA1RLn2Jtm3uVDodzXBv9ce_SLN6DuznB9YKyRSPUR3CmnL9y2TsVHZGHneJgbfWwYrvq3jQDk4ZglgPp_6vucAmgfCeRdoBdIGO1oSCbhR2kKVvxM/s400/lanka+%25281%2529.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK9upE4aRYa5kCha24le8CuisYpeA1RLn2Jtm3uVDodzXBv9ce_SLN6DuznB9YKyRSPUR3CmnL9y2TsVHZGHneJgbfWwYrvq3jQDk4ZglgPp_6vucAmgfCeRdoBdIGO1oSCbhR2kKVvxM/s72-c/lanka+%25281%2529.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/60-10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/60-10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy