යහපාලන ආණ්ඩුව ආරම්භයේදීම මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර වංචාව සිදු වී මේ වන විට වසර හතරක් ගත වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් එක නඩුවක් හෝ ගොනු ක...
යහපාලන ආණ්ඩුව ආරම්භයේදීම මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර වංචාව සිදු වී මේ වන විට වසර හතරක් ගත වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් එක නඩුවක් හෝ ගොනු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මෙම බැඳුම්කර ගණුදෙනුව හේතුවෙන් රටේ ආර්ථිකයට ට්‍රිලියනයක පාඩුවක් සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
අනෙක් පැත්තෙන් රාජ්‍ය දේපළ විදේශීකරණය කිරීමද සිදුකරමින් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම තවදුරටත් මැතිවරණ කල් දැමීමටද රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බවයි අළුත්ගමගේ මහතා පැවසුවේය.
මෙම රාජ්‍ය විරෝධී ක්‍රියාවලියට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුළුල් ජනතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර එහි පළමුවැන්න එළඹෙන මාර්තු 08 වැනි දින මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS