ජනාධිපතිවරයා සහ තමන් දේශපාලන වශයෙන් පිල් දෙකක සිටියත් මිත්‍රයන් සේ කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ...
ජනාධිපතිවරයා සහ තමන් දේශපාලන වශයෙන් පිල් දෙකක සිටියත් මිත්‍රයන් සේ කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා තනතුරට ගෙනඒමට කැප වූ බව සිහිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ තමන් අතර පවතින හොඳ හිත පළුදු කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බවට සැකයක් මතුවන බවද අවධාරණය කර සිටියේය.
අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
තමන් දැනට සිටින දේශපාලන පක්ෂයේ වැඩකටයුතු හොදින් සිදු කරන බවත්, දේශපාලනය පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකළත් මිත්‍රයන් සේ කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
තමන් ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කටයුතු සිදු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
COMMENTS