දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලා අංශයෙන් පළමු ස්ථානය ජාත්‍යන්තර පාසලකට දුන්නේ කුමන්ත්‍රණයක් නිසයි
Homeප්‍රවෘත්ති

කලා අංශයෙන් පළමු ස්ථානය ජාත්‍යන්තර පාසලකට දුන්නේ කුමන්ත්‍රණයක් නිසයි

PropellerAds

උසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු...

ඔප්ශන් දෙකයි... එක්කෝ මිලිටරි පාලනයකට, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට - නාමල්
ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානමින් ඉන්න - මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දෙයි
කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට
කලා අංශයෙන් පළමු ස්ථානය ජාත්‍යන්තර පාසලකට දුන්නේ කුමන්ත්‍රණයක් නිසයි

උසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා අද (01) පැවසීය.

මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසැල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,

“අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරය උසස් පෙළ ප්‍රතිඵලත් සමග මේ රජය විසින් වයා තිබෙනවා. මේක විශාල කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය ඇති වූ දවසේ සිට පසුගිය උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉතාම යටින් ක්‍රියාත්මක වූ දැවැන්ත කුමන්ත්‍රණයක කූටප්‍රාප්තිය අපොස උසස්පෙළ ප්‍රතිඵල සමග ලැබී තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට උසස්පෙළ ප්‍රතිඵලවල කලා අංශයේ පළමුවැනි ස්ථානය ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවක් කියලා පළ කර තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර පාසල් රජයේ පාසැල්වලට සමාන කර තිබෙනවා. මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා. මට පෙර මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරු රාශියක් ඉඳලා තිබෙනවා. හැබැයි කිසිම දවසක ජාත්‍යන්තර පාසැල් සිසුන් පෙනී සිටින ප්‍රතිඵල සමස්ත රටේ අතිමහත් බහුතර‍ දරුවෝ පෙනී සිටින විභාග ප්‍රතිපල සමග කලවම් කරලා නැහැ. මේ රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනයට  මුදල් ගෙවලා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල තත්ත්වය සමාන කරපු අවස්ථාවක් තිබෙනවාද කියලා පුලුවන්නම් පෙන්නන්න කියලා අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ විභාග කොමසාරිස් ජනරාල්වරවරයාට හෝ වෙන ඕනෑම නිලධාරියෙකුටමම අභියෝග කරනවා."

"මේ ජාත්‍යන්තර පාසැල්වල දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බැහැ.ජාත්‍යන්තර පාසල්වල දරුවෝ යන්න ඕන ලන්ඩන් ඕලෙවල්, ලන්ඩන් ඒලෙවල් වැනි ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා. මේ රටේ ඕන කෙනෙකුට අයිතිය තිබෙනවා පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස උසස්පෙළ විභාගයට පෙනී සිටින්න. පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිපලයි, රජයේ අයදුම්කරුවන්ගේ ප්‍රතිඵලයි එක සමාන මට්ටමකට දාලා විශ්ලේෂණය කරලා.  ලංකාවේ කලා අංශයේ පළමුවැනියා එන්නේ ලංකාවේ පුද්ගලික පාසල්වලින් කියලා පෙන්නුවාම ඒක ඒක මොනරතම් නිදහස් අධ්‍යාපනයට කරන අපරාධයක්ද? මුදල් ගෙවලා ඉගෙන ගැනීමට දරුවන්ට අයිතියක් තිබෙනවා. ඒ අයිතියට අපි ගරු කරනවා. නමුත්  45ලක්ෂයේ දරුවෝ කියලා ගණන් ගන්නේ රජයේ පාසල්වල දරුවොයි. ඒ අයට තමයි මහජනතාව බදු ගෙවන්නේ. ඔවුන් අතරින් තමයි සමස්ත ලංකාවේ පළමුවැනියා, දෙවැනියා,තුන්වැනියා තෝරන්නේ.මේ ප්‍රතිඵලය අනුව ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉතාම සූක්ෂම ලෙස අද වනවිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ පන්තිවලට ඇතුළත් වෙනවා. වෛද්‍ය පීඨය ඇතුළු අනෙකුත් පීඨවලට, විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. මේවා ඔක්කොම වසන් කරගෙන තමයි ඉන්නේ.මේ රටේ සුරක්ෂිත කරන නිදහස් අධ්‍යාපනයයි බිස්නස් එකකකුයි එකට දාලා පුද්ගලික අයදුම්කරුවොයි රජයේ අයදුම්කරුවොයි සමාන කරන්න අධ්‍යාපන පනත අනුව අයිතියක් නැහැ. මේ රටේ අධ්‍යාපනය මෙහෙයවන්නේ නිදහස් අධ්‍යාපන පනතට අනුවයි.1961 උපකෘත පාඨශාලා පනතක් තිබෙනවා."

"ඒ පනත අනුව තමයි අනිත් අධ්‍යාපන ඇමතිවරු වැඩ කරලා තිබෙන්නේ. අධ්‍යාපන ඇමතිවරු, විභාග කොමසාරිස්වරු වැඩකරන්නේ නීතීය අනුව. මඩුවක බෝඩ් එකක් ගහලා සමාගම් රෙජිස්ටාර් ළඟ ලියාපදිංචි කරලා ජාත්‍යන්තර පාසලක් කියන එකක් මටත් පටන් ගන්න පුළුවන්.ඔබටත් පටන් ගන්න පුළුවන්. ඒකේ දක්ෂ ළමයෙක් හිටියා කියලා මේක තමයි අධ්‍යාපනය කියන්න බැහැ. රටක ජාතික ප්‍රතිපත්ති  එහෙම තීන්දු වෙනවද?ජාත්‍යන්තර පාසලක ළමයෙකු ලැයිස්තුවට ඇතුළු කරන්න බැහැ. එහෙම අවසරයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීලා නැහැ. කවුරුවත් ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නැහැ. අපි හිතනවාට වඩා ජාත්‍යන්තර මාෆියාව මුදල් බලය ගැන තේරුම් ගන්න හරි අමාරුයි. නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න යන කුමන්ත්‍රණය රටේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අනුව එය තේරුම් ගත යුතුයි.ඒ අය සියලුම උපාය උපක්‍රම පාවිච්චි කරනවා. උපකෘත පාඨශාලා පනතේ 25(1) වගන්තියට අනුව,ලංකාවේ නීතීයට අනුව  ප්‍රාථමික දරුවන්ට උගන්වන්න පුළුවන් විෂය නිර්දේශය රජයේ පාසැල්වලට පමණයි. වෙන අයට බැහැ. මේ රටේ ප්‍රබුද්ධ අධ්‍යාපනඥයෝ, බුද්ධිමතුන්, මහාචාර්යවරු, ආචාර්යවරු  මේක ගැන සංවාදයක් ඇතිකරන්න ඕන. පළමු වතාවට මෙහෙම කුමන්ත්‍රණයක් ඇතිවෙලා තිබෙනකොට මේකෙ අලගිය වැලගිය මුලගිය තැන් හොයලා ආණමඩුවේ, අටකලම්පන්නේ ඉන්න දරුවට අත්වන ඉරණම ගැන සොයා බලන්න ඕන.“යනුවෙන් පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලා අංශයෙන් පළමු ස්ථානය ජාත්‍යන්තර පාසලකට දුන්නේ කුමන්ත්‍රණයක් නිසයි
කලා අංශයෙන් පළමු ස්ථානය ජාත්‍යන්තර පාසලකට දුන්නේ කුමන්ත්‍රණයක් නිසයි
http://am.lk/media/k2/items/cache/cd840a1e300094336b58ee2dba997986_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy