මහනුවර, යටිනුවර විදීයේ සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන සහ සිව් වන මහල්වල අද උදෑසන 7,15 ට පමණ ගින්නක් හට ගත්තේ ය. ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනු...
මහනුවර, යටිනුවර විදීයේ සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන සහ සිව් වන මහල්වල අද උදෑසන 7,15 ට පමණ ගින්නක් හට ගත්තේ ය.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නීවීම් ඒකකයේ ගිනි නිවිම් රථ 5 ක් පිටත්කර හැරිණ.
ගිනි නිවීම් සේවකයින්ට මහත් අභියෝගයක් වූයේ ගින්න මධ්‍යයේ ගින්නට මැදිවූ පුද්ගලයින් බේරා ගැනීමයි.
ගිනි නිවීම් භටයින් ඔවුන් බේරා ගැනීමට මැදිහත්වූයේ සිය ජිවිත අවදානම පිළිබඳව ද නොතකමිනි.
ගින්නට මැදිවු පුද්ගලයින් 04 දෙනෙකු බේරා ගැණුනේ සිව් මහල් ගොඩනැගිල්ලේ ජනේලයකින් පිටතට දැමීමෙනි.
අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට ගිනි නිවිම් භටයින් සහ පොලිසිය සමත් විය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නට මැදිව සිට බේරා ගත් පුද්ගලයින් රෝහල්ගත කර තිබේ.
COMMENTS