දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සේනා" දළඹුවා වී වගාවටත් හානිකරයිද ?
Homeප්‍රවෘත්ති

"සේනා" දළඹුවා වී වගාවටත් හානිකරයිද ?

PropellerAds

ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වී වගාවට හානිකරන දළඹු විශේෂයක් දැයි පරීක්ෂණ කිරීම සඳහා කීට විද්‍යාඥයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත   මඩුල්ලක් මගින්...

කර්නල්වරයෙකුගේ බිරියට වෙඩි තියලා
දූෂිත රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දිය හැකි නව පනතක්
මෙරට නව ඉන්දීය මහ කොමසාරිස් ධූරය තරංජිත්ට

ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වී වගාවට හානිකරන දළඹු විශේෂයක් දැයි පරීක්ෂණ කිරීම සඳහා කීට විද්‍යාඥයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත  මඩුල්ලක් මගින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලියු.එම්.ඩබ්ලියු.විජේකෝන් මහතා ප්‍රකාශ කළේය.

කුරක්කන්, කව්පි වැනි  භෝග වගාවන් තුළ දළඹු විශේෂයක්  හමු වී ඔවුන් සාර්ථකව මර්ධනය කර ඇති නමුත් එම සත්වයන් බඩඉරිගු වගාවට හානි කරන දළඹු විශේෂය දැයි නිශ්චිතව හඳුනාගෙන නොමැති බව ගන්නෝරුව  ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (17) පැවති සාකච්ඡාවක දී ඒ මහතා ප්‍රකාශ කළේය.

සේනා දළඹු විශේෂයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන කාර්ය සාධන බලකායේ දෙවන සාකච්ඡාවටය අදාල සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

සේනා දළඹු විශේෂය නුවරඑළිය දිස්ත්‍රීක්කය හැර සෙසු දිස්ත්‍රික්කවල වාර්තා වී ඇති බවත් යාපනය දිස්ත්‍රිකයේ බඩ ඉරිගු වගාව සුලභ නොවන නිසා එම දිස්ත්‍රික්කයේ  දළඹුවාගේ පැතිරී යාමක් සිදු ව නොමැති බව කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති දළඹු විශේෂය වී වගාවට හානිකරන දළඹු විශේෂයක් නොවන බවට. මෙම දළඹුවාගේ ප්‍රභේද දෙකක් පවතිනවා. දළඹුවාගේ හැසිරීම පිළිබඳව ගොවියන් ද අවධානයෙන් යොමුවිය යුතුයි. වී ගොවිතැන කරන ගොවියන් සිය ගොයම් පඳුරු නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම වඩා සුදුසුයි.

සේනා දළඹුවා සිටිය පමණින් බඩ ඉරිගු ආහාරයට ගැනීම කිසිසේත්ම අහිතකර වෙන්නේ නැහැ. නමුත් දැන් ජනතාව තුල පවතින්නේ අනියත බියක්. මෙම දළඹුවා ළපටි බඩඉරිගු කරල්වල ඉතාමත්ම සුළු කොටසකට පමණයි හානි කරන්නේ. නමුත් මේ නිසා සම්පූර්ණ බඩඉරිගු කරල අපතේ හැරීමක් සිදු කරනවා. නමුත් මෙම බඩඉරිගු කරල හානි නොවූ ස්ථාන පරිභෝජනය කිරීම කිසිදු අයුරකින් අහිතකර වෙන්නේ නැහැ.

සේනා දළඹු විශේෂය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍ය සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් මේ වන විට අප සාකච්ඡා කළා. කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ දළඹු විශේෂය පාලනය කිරීම සඳහා කෘමිනාශක, බෝග ආරක්ෂිත අයුරින් විනාශ කිරීම, ආරක්ෂිත ප්‍රවාහන ක්‍රම, සත්ව ආහාර ආරක්ෂිත අයුරින් සකස් කරීම ආදිය පිළිබඳව ගොවියන් දැනුවත් කොට හමාරයි. ‍

මධ්‍යකාලීන වැඩපිළිවෙළ යටතේ අලුත් බෝග වර්ග තේරීම සුවිශේෂ වූ කෘමිනාශක යෙදීම ආදිය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරනවා යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලියු.එම්.ඩබ්ලියු.විජේකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- කමල් සුරවීර - මහනුවර 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සේනා" දළඹුවා වී වගාවටත් හානිකරයිද ?
"සේනා" දළඹුවා වී වගාවටත් හානිකරයිද ?
http://am.lk/media/k2/items/cache/49b724b44259d062d5c8aabf1fc1b1b4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_692.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_692.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy