හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග මහත්මිය අද (09) උදෑසන මුලතිව් දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වූ අතර මුලතිව් දිස්ත්‍රීක් ලේකම...
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග මහත්මිය අද (09) උදෑසන මුලතිව් දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වූ අතර මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට සහභගී විය.
මුලතිව් වෙත පැමිණි හිටපු ජනාධිපතිනිය පිළිගනු ලැබුවේ මුලතිව් දිස්ත්‍රීක් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වූ අතර අනතුරුව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත විණි.
පසුගිය දිනයන්හි ගංවතුර හේතුවෙන් ආපදාවන්ට පත් වූ වැව් හා නිවාස සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රීක් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සමග එහිදී හිටපු ජනාධිපතිනිය සාකච්ඡාවක නිරත විය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS