දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය දෙමාපියන්ගේ ජීව විද්‍යා ප්‍රථමයා - ඉංජිනේරු දෙමාපියන්ගේ ගණිත ප්‍රථමයා - ගොවි දෙමාපියන්ගේ වාණිජ ප්‍රථමයා
Homeගොසිප්

වෛද්‍ය දෙමාපියන්ගේ ජීව විද්‍යා ප්‍රථමයා - ඉංජිනේරු දෙමාපියන්ගේ ගණිත ප්‍රථමයා - ගොවි දෙමාපියන්ගේ වාණිජ ප්‍රථමයා

PropellerAds

ප සුගියදා නිකුත්වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනෙන් මුල් ස්තාන දිනූවන් ගැන විවිධ ආරංචි මාධ්‍ය තුළ වාර්තා විය. ඒ අතර ඔවුනගේ පුද්ගලික...

'පූජ්‍ය පක්ෂයට හානියක් නෑ' -අගමැති
'ක්ෂණික විහිඳුම් බලකායක් ඇති කරන්න' - ඇමති චම්පික.
ජනපති මහනුවරට යයි : විශේෂ සාකච්ඡාවක්.
සුගියදා නිකුත්වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනෙන් මුල් ස්තාන දිනූවන් ගැන විවිධ ආරංචි මාධ්‍ය තුළ වාර්තා විය. ඒ අතර ඔවුනගේ පුද්ගලික විස්තරද මේ වනවිට ප්‍රකටවී තිබේ.
දිවයිනෙන්ම ජීව විද්‍යා ප්‍රථමයාවී වෛද්‍ය විද්‍යාලයට තේරුණු ගම්පහ රත්නාවලියේ සමුද්‍රා රාජපක්ෂ සිසුවියගේ මව පියා දෙදෙනාම වෛද්‍යවරුන්ය. පියා ගම්පහ දිසා රෝහලේද
මව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේද වෛද්‍යවරු ලෙස සේවයේ යෙදෙති. සමුද්‍රාගේ පවුලේ ඇයට බාල නැගණියක හා මළනුවෙකුද සිටී. ඇගේ නැගණිය ඇගේ පාසලේම 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර මළනුවන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 8 වන ශ්‍රේනියේ ඉගෙනුම ලබයි. ඇය ප්‍රාථමික අධ්‍යාපනය

ලැබුවේ ගම්පහ යසෝදරා බාලිකා විද්‍යාලයෙනි. ඇය රත්නාවලියට ඇතුළුවන්නේ ශිෂ්‍යත්වයෙන් 172 ක් ලබමිනි.

දිවයිනෙන්ම ගණිත අංශයේ පළමු තැන සිසුවියකට හිමිවීම පසුගිය වසරවල විභාග ප්‍රතිඵල අනුව සලකද්දී විරල සිදුවීමකි. එම සමත්කම මෙවර දක්වා ඉංජිනේරු පීඨයට තේරුනේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ චතුනි විජේගුණවර්ධනයි. චතුනිගේ දෙමාපියන් දෙදෙනාම ඉංජිනේරුවන් වීමද වි‍ශේෂත්වයකි.

පියා දැන් විශ්‍රාමික වන අතර මව බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරිය ලෙස සේවය කරන්නීය. චතුනි ඔවුනගේ එකම දරුවාය.
චතුනි දකුණු පළාතේ අම්බලන්ගොඩ කුඩා කාලය ගත කළාය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රථමික අධයාපනය ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් 187 ක් ලබා ඇය කොළඹ විශාඛා බාලිකාවට ඇතුළත් වූවාය.

'2017 ඕල් රවුන්ඩර්' ලෙස විශාඛා විද්‍යාල වර්ණ ප්‍රදානයේදී සම්මාන ලද චතුනි පොතට පතට පමනක් සීමා නොවී බාහිර ක්‍රීඩාවලටද යොමූවූ සිසුවියකි. ඇය වූෂූ ක්‍රීඩාව හා පිහිනුම් ක්‍රීඩාවට දක්ෂතා දක්වන්නියකි. එසේම සංගීතයද වැඩිදුර හදාරන අතර ගිටාර් වාදනයට නිපුණතා දක්වන්නියකි.



දිවයිනෙන්ම වාණිජ්‍යය ප්‍රථමයාවී කළමණාකරන පීඨයට තේරුණ කුරුණෑගල මලිදේව විද්‍යාලයේ කසුන් ඉඳුරංගගේ දෙමාපියන් ගොවිතැන් කරන අයයි.වාරියපොළ පාදෙණිය ඔවුන්ගේ ගමයි. ඔහුට වැඩිමල් සොයුරෙකු සිටින අතර එම සොයුරා රජරට විහ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටින්නෙකි.

කසුන් පාසල් තුනකින් අධ්‍යාපනය ලබා ඇත. මලියදේවයට පැමිණියේ උසස් පෙළ සඳහාය.ප්‍රාථමික අධයාපනය පාදෙණිය ශ්‍රී සුනන්ද විදයාලයෙනුත් ද්විතීයික අධ්‍යාපනය වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙනුත් ලබා ඇත.


දිවයිනෙන්ම කලා අංශ ප්‍රථමයාවූ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්සා අල්විස් පුද්ගලික පාසලකින් ලංකාවේ උසස්පෙළ දේශීය විෂයමාලාවේ ප්‍රථම ස්ථානයක් ලද පළමු තැනැත්තියයි. උතුරු කළුතර පන්සල පාරේ පදිංචි ඇයගේ පියා විදේශගතව රැකියාව කරන නිසා ජයග්‍රහණය සමරන අවස්ථාවට ඔහුට එන්නට බැරි විය.
ඔහු චීනයේ නැව් සමාගමක සේවය කරන්නෙකි. ගෘහණියක වන මව ඇයට මිතුරෙකු මෙන් සමීප බව පවසා තිබේ. එම පවුලේ එකම දරුවාද සෙනාදිය. ඇය සංගීතයට ලැදිය. පියානෝ වාදනයටද හැකියාව ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදයෙන් ලංකාවේ පළමු තැනට පත්වූ කොළඹ ආනන්ද විදයාලයේ පමුදිත පතිරත්න මීරිගම පදිංචි කරුවෙකි. ඔහුගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකි. මව ගෘහණියකි. ඔහුට බාල සොයුරෙකුද සිටී. ඔහු පාසල් 3 ක අධ්‍යාපනය ලද අයෙකු වන අතර ආනන්දයට ආවේ උසස්පෙළ සඳහාය.

හලුගම ධර්මපාල විදයාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශීෂ්‍යත්ව විභාගයෙන් 170 ක් ලබා ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව නාලන්දයේ නොමැති නිසා ආනන්දයට ඇතුළත්ව ඇත.


ජෛව පද්ධති තාක්ෂණ විෂය දාරාවෙන් දිවයිනෙන් ප්‍රථමයා වූ  මාවරල පදිංචි කඹුරුපිටිය නාරන්දෙනිය ජාතික පාසලේ සඳුනි පියුමාෂා කොඩිප්පිලිගේ පියා ඉඩම් හිමියෙකි. මව පවුල් සෞඛ්‍ය සේවිකාවකි. ඇයට වැඩිමහල් සොයුරියක් හා මළනුවෙකු සිටීත වැඩිමල් සොයුරිය වයඹ විහ්ව විදයාලයේත් මළනුවන් මාතර හාන්ත තෝමස් 9 වන ශ්‍රේණියෙත් ඉගෙනුම ලබති.

ඇය 5 ශිෂ්‍යත්ව විභාගය ප්‍රමාණවත් ලෙස සමත් නොවූ අයෙකු වීම විශේෂත්වයකි. ඇයට එහිදී තිබී ඇත්තේ ලකුණු 129 කි. නමුත් නාරන්දෙනිය ජාතික පාසලට ඇයව බඳවා ගැනීමට විදුහල්පතිවරයා කාරුණික වීම ඇගේ ජීවිතය වෙනස් කළ බව ඇය පවසා තිබේ. පාසලේ කැපී පෙනෙන සිසුවියක වන ඇය නැටුම් හා ක්‍රීඩා සඳහාද සමත්කම් දක්වන්නියකි.






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය දෙමාපියන්ගේ ජීව විද්‍යා ප්‍රථමයා - ඉංජිනේරු දෙමාපියන්ගේ ගණිත ප්‍රථමයා - ගොවි දෙමාපියන්ගේ වාණිජ ප්‍රථමයා
වෛද්‍ය දෙමාපියන්ගේ ජීව විද්‍යා ප්‍රථමයා - ඉංජිනේරු දෙමාපියන්ගේ ගණිත ප්‍රථමයා - ගොවි දෙමාපියන්ගේ වාණිජ ප්‍රථමයා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibANYTZqoc2oi4xtuPFt1fzSU9nN5xveAiIV0lFB2gAiUmFqn6uOLb7oOg5ZloiFDuH1PvTHH7U5c8wQNPs8BjeTeJ5iqvahMCRTOwTLo4vg__559MjiRU947HHLzqcftr4xrGMwopq1c/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibANYTZqoc2oi4xtuPFt1fzSU9nN5xveAiIV0lFB2gAiUmFqn6uOLb7oOg5ZloiFDuH1PvTHH7U5c8wQNPs8BjeTeJ5iqvahMCRTOwTLo4vg__559MjiRU947HHLzqcftr4xrGMwopq1c/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy