2019වැනි වසර රටේ දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ...
2019වැනි වසර රටේ දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විශේෂයෙන්ම මෙම වසර තුළදී තීරණාත්මක වෙනසක් සිදු කිරීමට නියමිත ජනාධිපතිවරණයත් ඊට පෙර හෝ පසු මහා මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ මගින් ඉදිරි දශකය දක්වා දිව යන දේශපාලනයේ හැරවුම් ලක්‍ෂය 2019 දී උදාවන බව ඉතා පැහැදිලි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මිනිස් දුහුවිලි මිනිසුන් බවට පත් කිරීමට, ඒ වගේම රට පුරාම කුසලතාවාදය දේශපාලනය තුළට ගෙන ඒමට, තිරසර සංවර්ධන ඉලක්ක ගොඩනගා ගැනීමට 2019 ඒ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණවලදී සියළුදෙනා එකට එකතු විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS