දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඉදිරිපිට විරෝධතාවයක්
Homeගොසිප්

සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඉදිරිපිට විරෝධතාවයක්

PropellerAds

ක ලාකරුවන් හා සිවිල් ක්‍රියාකාරීන් විසින් මාධ්‍ය මුදලාලීකරණයට විරෝධය පළ කරමින් අද (10) රටේ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන ඉදිරිපි...

අජිත්-එස්එම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ වාහන එකිනෙක හැපිලා
පුස්සැල්ලාව තරුණයා නිසා ගම්පොළම ඇවිලෙයි
සදාම් හුසේන්ගේ දුව දේශපාලනයට
ලාකරුවන් හා සිවිල් ක්‍රියාකාරීන් විසින් මාධ්‍ය මුදලාලීකරණයට විරෝධය පළ කරමින් අද (10) රටේ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් දියත් කරන ලදි. කළු මුහුණු ආවරණ පැළඳ කළු බැනර් අල්ලා සිටි  ඔවුන් එහිදී මුදලාලිකරණයෙන් මිදෙන ලෙස කරුණු දක්වමින් මාධ්‍ය වෙත ලිපියක්ද ලබාදී  තිබේ. මොවුන් හිරු සිරස දෙරණ ඇතුළු පුද්ගලික ආයතන හා ලේක්හවුස් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඇතුළු රජයේ මාධ්‍ය ආයතන
වෙතත් මෙම ලිපිය බාරදී තිබීම විශේෂත්වයකි.
මේ සඳහා සංවිධාන ගණනාවක් එක්ව තිබූ අතර ඒ අය නම් වශයෙන්

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ආදී ලෙස විය.
 භාර දුන් ලිපිය පහතින් පළ වේ.

“මාධ්‍ය ආයතන හිමිකරුවනි, මාධ්‍යකරුවනි,

අපි ඔබ ගැන අවධානයෙන් !

මාධ්‍ය ආයතන හිමිකරුවෙකු හෝ මාධ්‍යකරුවෙකු ලෙස ඔබ කරමින් සිටින්නේ කුමක්ද? මාධ්‍ය සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳව, නැවතත් ඔබට සිහි කැඳවන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයේම කොටස්කරුවෙක් ලෙස, අමු අමුවේම මාධ්‍යකරණයේ අවම සමාජ වටිනාකම් පවා බිඳ දමමින් සාහසික මාධ්‍යකරණයක යෙදුනු නිසාය. මෙම සාහසික මාධ්‍යකරණය අද ඊයෙක වුවක් නොවේ. නමුත් විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26න් පසු ඔබගේ මාධ්‍යකරණයේ භූමිකාව විසින් පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය වලට කොතරම් අවිචාරී විය හැකිද යන්නයි. එහිදී නිශ්චිත දේශපාලන කණ්ඩායමක ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ක්‍රියාවන් නියෝජනය කරමින් හා එය සාධාරණීකරණය

කරමින් සිදු කළ ක්‍රියාවන් විසින් උල්ලංඝනය කළේ, මාධ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රවාදී හා අවම සදාචාරසම්පන්න භාවිතයක යෙදෙනු ඇතැයි යන ජනතාවගේ අපේක්ෂාවය. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යකරණයේ යෙදෙන ඔබ විසින් භුක්ති විඳින්නේ හා ලාභ උපයන්නේ, මහ ජනතාවගේ දේපලක් වන සංඛ්‍යාතවලින් බව අප සිහිපත් කරනු කැමැතිය. ඒ නිසාම මහජනතාවට ඔබගේ භාවිතයන් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. එම අයිතිය මුර්තිමත් කිරීම වෙනුවෙන් ඔබගේ මාධ්‍ය අවභාවිතය පිළිබඳව අවධානයෙන් සිටින පුරවැසියන් ලෙස, ජනතාවට වගවන සදාචාරසම්පන්න මාධ්‍ය භාවිතයක් සඳහා මෙම කරුණු කිහිපය ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය

ඔබගේ වාර්තා කිරීමට අදාල කරුණු නිවැරදිව ලබා දීම හා එම වාර්තා නිවැරදි බවට වගවීම අත්‍යාවශ්‍යය. උදාහරණයක් ලෙස මෑතකදී එක්තරා මාධ්‍යයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරවීමට ගත් පියවර ව්‍යවස්ථා විරෝධී යයි ශේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව වාර්තා කොට තිබුනේ, “ජනපති ප්‍රකාශයට පත් කළ මහා චන්දය ශේෂ්ඨාධිකරණය අත් හිටුවයි” යනුවෙනි. මෙය නඩු තීන්දුව වාර්තා කිරීමක් නොව මුළුමනින්ම කරුණු විකෘති කිරීමකි. මෙම කාල සීමාව තුළ මෙවැනි අභුත පුවත් මැවීම් තුළ, මාධ්‍ය විසින් ප්‍රේක්ෂක, ග්‍රාහක හා පාඨක සමාජය අපහරණයට ලක් කරනු ලැබීය.

ස්වාධීනත්වය

“මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථීක අභිලාශයන් පිහිටා ඇත්තේ, ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය” යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කිහිප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාති හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සංධර්භය එළි කිරීම ඔබගේ වගකීමකි.

හිංසනය අවම කිරීම

විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන

ලද වර්ගවාදී සහ ජාතිවාදී ක්‍රියාකලාපයන්වල ප්‍රතිඵලයක් ලෙස, රටට අත්පත් කර දුන් තිස් වසරක සිවිල් යුද්ධයෙන් අප සැවොම හෙම්බත්ව ඇත. එම ක්‍රියාවලිය විසින් හා දේශපාලන ක්‍රියාවල අත්තනෝමතිකත්වය විසින් ජාතිවාදය වපුරා ඇති බිමක, තවදුරටත් මේ රට එම දිශාවට රැගෙන නොයාමට ඔබට විශාල වගකීමක් ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන්, ඉතිහාසය විසින් ඔබට පවරා ඇති වගකීම මග හැර, ජාතිවාදය පෝෂණය කරන අධිපති මතවාදයන් නියෝජනය කරන්නේ මන්ද? එසේම ඔබගේ බොහෝ වාර්තාකරණයන්ගෙන් පසුව වින්දිතයන්ට අත්වන ඉරණම පිළිබඳ ගණන් බැලීමක් සිදු නොකරන බව පැහැදිලිය. උදාහරණයක් ලෙස මෑතකදී මාතර සිදුවූ පාසල් සිසුවෙක් විසින් තවත් සිසුවෙක් මරා දැමීමට අදාළ රූප පෙළ, අමු අමුවේම ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය වන අයුරින් පෙන්වීම ආදිය ඉතාම නින්දිත මාධ්‍ය භාවිතයක් බව නොකිවමනාය. මේ ආකාරයෙන්ම ස්ත්‍රීන්, ළමුන්, සමරිසි ප්‍රජාවන්ගේ හා අනෙකුත් චුදිතයන් සම්බන්ධ වාර්තාකරණයන්වලදී කිසිඳු සදාචාර වටිනාකමකින් බැඳී සිටින බවක් පෙන්නුම් කරන්නේ නැත. ඒ අනුව ඔබ විසින් යොදා ගන්නා මාධ්‍ය රූප සහ වචනාර්ථ පිළිබඳ වග වන ලෙස ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

වගවීම

හරවත් මාධ්‍ය භාවිතයක් ජනතාවට වග විය යුතුය. එම වගවීම ඇත්තේ සාධාරණ, යුක්තිගරුක, සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ඉල්ලා සිටින බහුතර ජනතාවට මිස, ආර්ථීක වාසි මුල් කරගත් සුළුතර පිරිසකගේ අභිලාශවලට නොවන බව මතක් කර දීමට කැමැත්තෙමු.

මාධ්‍යවල පැවැත්ම ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළයි. පරමාධිකාරිවාදී අත්තනෝමතික පාලනයන් තුළ මාධ්‍යකරුවා අණබෙර ගසන්නෙකුට නැතිනම් වන්දි භට්ටයෙකුට වෙනස් නොවේ. ඔබේ වෘත්තියට අර්ථයක් හා වටිනාකමක් එක් වන්නේ ඔබගේ ප්‍රකාශන හා තොරතුරුවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඔබ ආරක්ෂා කරන්නේ නම් පම‚.තවද ඔබට හිමිව ඇති මාධ්‍ය බලපත්‍රය යනු, රටේ පාලන බලය හැසිරවීම වෙනුවෙන් ප්‍රධානය කළ බලපත්‍රයක් නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. ඒ අනුව සමස්ථ මාධ්‍ය භාවිතාව තුළ සුරැකිය යුතු සමාජ වටිනාකම් ගැන සංවාදයට එළැඹීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම ඔබගේ වගකීමකි. අවසාන වශයෙන් කිව යුත්තේ අප ඔබ දෙස බලා සිටින බවය.










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඉදිරිපිට විරෝධතාවයක්
සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඉදිරිපිට විරෝධතාවයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-_OKkVp6MC4p5E9JXfWfKK0I5GGyHoVtB7aM3UByK5iE496MsQxC4DvPAAkncEj37b56yPviXfMjoJDzdO2dzw5xfcQA_04gSNLaYiIXcJGN9WI98P8zOJAoFfHuXxXN8JKj3NwtwTd0/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-_OKkVp6MC4p5E9JXfWfKK0I5GGyHoVtB7aM3UByK5iE496MsQxC4DvPAAkncEj37b56yPviXfMjoJDzdO2dzw5xfcQA_04gSNLaYiIXcJGN9WI98P8zOJAoFfHuXxXN8JKj3NwtwTd0/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_176.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_176.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy