මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු නොව වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්...
මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු නොව වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
වජිර ධර්මකීර්ති මහතා විසින් රචිත කාවන්තිස්ස වැඩපිළිවෙල ග්‍රන්ථය එලිදැක්වීම කොළඹ මහජන පුස්තකාලයේදී සිදුකෙරුණි.
ජනතාව බලගන්වන ව්‍යපාරයක් ගම් මට්ටමින් ආරම්භ කර ඇති බවත්, ඒ නිසා වස විෂ නැති ආහාර අද වන විට ගම්වල හැදෙමින් පවතින බවත්, එම වැඩ පිළිවෙල කිසිවිටෙක නැවතී නැති බව ද රතන හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
කොන්ද පණ තියෙන නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී බිහි වේවා යන්න තම බලාපොරොත්තුව බව ද උන්වහන්සේ සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපති ගැන තමාගෙන් අසන බවත්, තමා ජනාධිපති කරන්නේ වැඩපිළිවෙලක් වන අතර, එයට සම්මුතියක් හදා ගැනීමට නොහැකි නම් නිහඬ විය හැකි බව ද පැවසිය.
එනිසා රජ කිරීමට බලාපොරොත්තු වන්නේ අරමුණක් සහ වැඩපිළිවෙලක් වන අතර, එය සමාජ ගත කළ විට පංචස්කන්ධයක් සොයා ගැනීමට හැකි බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
සමාජ බලවේගයක් රැල්ලක් හැදුණම නායකයින් බිහි කර ගත හැකි බව ද රතන හිමියන් පැවසීය.
COMMENTS