දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි නිල ඇදුම් ඇන්ද පිරිසක් අත්අඩංගුවේ.
Homeදේශපාලන

කොටි නිල ඇදුම් ඇන්ද පිරිසක් අත්අඩංගුවේ.

PropellerAds

Loading... උතුර නැඟෙනහිර යළි අස්ථාවර කිරීමේ කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබේද යන්න එම දෙපළාතේ නිරන්තරයෙන් සිදුව...

වතු කම්කරුවන්ට දෛනික මුලික වැටුප දහසක් දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක්
ජාතික සම්පත් පිළිබඳ සෞභාග්‍යය දැක්මේ අන්තර්ගතය ඇමති වාසු මතක් කරයි
මතුගම ග්‍රාම නිලධාරි වසමක් නැවතත් හුදකලා කෙරේ
Loading...
උතුර නැඟෙනහිර යළි අස්ථාවර කිරීමේ කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබේද යන්න එම දෙපළාතේ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධීන් සැලකිල්ලට ගත් විට බරපතළ සැකයකට තුඩු දී තිබේ.
පසුගිය දින දෙක – තුන ඇතුළත වවුනියාව, ඕමන්ත, මන්නාරම පේසාලෙයි හා කිලිනොච්චි වට්ටකච්චි ප්‍රදේශවල ඇති වූ එම සිද්ධීන් එල්ටීටීඊයේ පැරැණි ක්‍රියාකාරකම් හා සැසඳීමේදී ආරක්ෂක අංශවල බරපතළ අවධානයට යොමුව ඇත.
එල්ටීටීඊ නිල ඇඳුම් සහිත ඡායාරූප ගත් වවුනියාවේ තරුණයන් හයදෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමත් එල්ටීටීඊ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු විසින් පාවිච්චි කළ ලැප්ටොප් පරිගණකයක එල්ටීටීඊ නිල ඇඳුම් සහිතව ඡායාරූප ගත් විසිඑක්දෙනකුගේ ඡායාරූප එහි තිබී හමුවීමත් එම තරුණයන් මේ වන විට අතුරුදන්ව සිටීමත් ආරක්ෂක අංශවල දැඩි අවධානයට හා විමර්ශනයට යොමුව තිබේ.
මේ තරුණයන් එල්ටීටීඊ සංවිධානයේ නිල ඇඳුමින් සැරසී සිටියදී ගත් ලැප්ටොප් පරිගණකයේ තිබූ ඡායාරූපවලට අනුව එම ඡායාරූප ගෙන ඇත්තේ එල්ටීටීඊ සංවිධානයේ නිල හැඳුනුම්පත් සැකසීම සඳහා බවට ආරක්ෂක අංශ සැක කරයි.
එම සැකය ඔස්සේ අත්අඩංගුවට පත් තරුණයන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම තරුණයන් පවසා ඇත්තේ මෙම ඡායාරූප හා යුද පුහුණුව ලබන බව දැක්වෙන ඡායාරූප ලබාගෙන ඒවා විදේශ රටවලට යවා මුදල් ලබා ගැනීම සඳහා එක් අයකු විසින් කටයුතු කරගෙන යන බවයි.
තරුණයන් විසින් කියා සිටින ලද එකී පුද්ගලයා පිළිබඳව ආරක්ෂක අංශ විසින් තොරතුරු විමර්ශනය කිරීමේදී ආරක්ෂක අංශවලට හෙළි වී ඇත්තේ එම පුද්ගලයා වවුනියාව පුතූර් ප්‍රදේශයේදී බෝම්බ මල්ලක් දමා පැනගිය එල්ටීටීඊ ප්‍රධාන සැකකරුවා දුරකථනයක ආධාරයෙන් මෙහෙයවන ලද ශංකර් නමැති පුද්ගලයා බවයි.
අත්අඩංගුවේ සිටින තරුණයන් පවසන් අන්දමට ඡායාරූප ගෙන ඇත්තේ විදේශ රටවල සිටින දෙමළ සංවිධාන රවටා මුදල් හම්බ කිරීමට නොවන බවට ආරක්ෂක අංශවලට විශාල සැකයක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් වවුනියාවේ ආරක්ෂක අංශ විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
ඕමන්ත පොලිස් බල ප්‍රදේශයේ කුංජිවේලි කුලම් නොදියුණු ගම්මානයේ කැලයක ඇති පැල්පතකට එල්ටීටීඊ ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් දෙදෙනකු පැමිණ තිබේ. ඒ අවස්ථාවේ එම පැලේ සිය දරුවා සමඟ සිටි කාන්තාවක් රාත්‍රි කෑමට රොටී පුච්චමින් සිට ඇත. මේ දෙදෙනා දුටු විගස ඇය බියෙන් දරුවා සමඟ පැනගොස් තිබේ.
මේ අතරවාරයේ පැලට පැමිණි දෙදෙනා පුච්චන ලද රොටී කොළයක ඔතාගෙන පැලේ තිබූ භාජනයකට වතුර පුරවාගෙන පලාගොස් ඇත.
වවුනියාවේ ආරක්ෂක අංශ සැක කරනු ලබන්නේ පසුගිය ජනවාරි පළමු වැනිදා වවුනියාවේ ඕමන්ත _ පුලියන්කුලම පුදූර් ප්‍රදේශයට පැමිණ බෝම්බ මල්ලක් හා පිස්තෝලයක් ඇතුළු යුද උපකරණ මල්ලක් දමා ගිය සැකකරු හා ඔහුව මෙහෙයවන ලද පුද්ගලයා මෙසේ ආහාර සොයාගෙන පැමිණෙන්නට ඇති බවයි.
ආනන්ද රාජා හා ශංකර් නමැති ඒ දෙදෙනාගේ ඡායාරූප පෙන්වා රොටී රැගෙන යෑම සඳහා පැල්පතට පැමිණියේ ඔවුන්දැයි ආරක්ෂක අංශ කාන්තාවගෙන් ප්‍රශ්න කොට තිබේ.
ඒ අවස්ථාවේදී කාන්තාව පවසා ඇත්තේ කළුවර වැටීගෙන ආ අවස්ථාවේ ඔවුන් පැමිණීමත් ඔවුන් දැකීමෙන් තමන් බියට පත් වූ නිසා ඡායාරූපවල සිටින්නේ ඔවුන්ම යැයි ස්ථිර වශයෙන්ම කිව නොහැකි බවයි.
ආරක්ෂක අංශ සැකකරනු ලබන්නේ බෝම්බ මල්ල රැගෙන ඒමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාම කැලේ අතරමංව ආහාර සොයමින් මේ ගම්මානයට පැමිණෙන්නට ඇති බවයි.
මේ අතර දකුණේ පාතාල කල්ලියක් සමඟ කටයුතු කරන එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනකුට නවාතැන් හා වෛද්‍ය පහසුකම් සලසා දුන් කිලිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ කාන්තාවක් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කාන්තාවගේ ස්වාමියාද එල්ටීටීඊ සාමාජිකයකු වන අතර ඔහු යුද්ධය හමාර වීමෙන් පසුව එල්ටීටීඊ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් මීට ටික කාලයකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමඟ එකට එල්ටීටීඊ ක්‍රියාකාරකම්වල යෙදුණු කාන්තන් හා වේන්දන් යන නම්වලින් හඳුන්වා ගන්නා එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශවලට අවශ්‍යව ඇත.
ඔවුන් දෙදෙනා මේ කාන්තාවගේ නිවෙසේ සිටින බවට ලද තොරතුරක් මත ඔවුන්ව සොයාගෙන අදාළ කාන්තාවගේ නිවෙසට ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ගිය අවස්ථාවේදී ඔවුන් ඊට පෙර දිනයේ එම නිවෙසේ රැඳී සිට රාත්‍රිය ගෙවා ආපසු ගොස් තිබේ.
පෙර දිනයේදී පැමිණ ඇති එම එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයකු කිසියම් සිද්ධියකදී තුවාල ලබා ඇති අතර ඔහුට ප්‍රතිකාර කිරීමද දෙදෙනාටම ආහාර ඇතුළු සියලු පහසුකම් සලසා ඇත්තේද මේ කාන්තාව විසිනි.
මන්නාරම, පේසාලෙයි නඩුකුඩා වෙරළ තීරයේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් පසුගිය 24වැනිදා පේසාලේ පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
ක්ලේමෝ බෝම්බ, ජෙලග්නයිට් කූරු, රොකට් ලෝන්චර්, පතරොම් තොගයක්, රබර් බූට් ඇතුළු ද්‍රව්‍ය රැසක් එහි තිබී ඇත.
මේ නිසා පොලිසිය පවසන්නේ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය මසුන් මැරීම සඳහා යොදා ගැනීමට නොව කිසියම් විනාශකාරි ක්‍රියාවක් සඳහා මන්නාරමට රැගෙන එන්නට ඇති බවයි.
– මවිබිම පුවත්පත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29421,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි නිල ඇදුම් ඇන්ද පිරිසක් අත්අඩංගුවේ.
කොටි නිල ඇදුම් ඇන්ද පිරිසක් අත්අඩංගුවේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpmlfdWCLNLOZE1WAiTU4A9wvRhkRZOW7H6LnPBu2YyrgBa3mz5y4-gUvUpG5Rc2tkdDwxQWTS_6wpeJbg9SpjE-uo2A_FdbC9tqLORSa_wxPXWZtplfJ1psLjarQXGgylHW7r0aY-9ls/s320/tamil_1248769c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpmlfdWCLNLOZE1WAiTU4A9wvRhkRZOW7H6LnPBu2YyrgBa3mz5y4-gUvUpG5Rc2tkdDwxQWTS_6wpeJbg9SpjE-uo2A_FdbC9tqLORSa_wxPXWZtplfJ1psLjarQXGgylHW7r0aY-9ls/s72-c/tamil_1248769c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_103.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_103.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy