දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කුඩාවැල්ලේදී ඉලක්කය වූ රණාගේ හිසටම වෙඩි තියලා,මාකදුරේ මදුශ්ගේ වැඩක්

Loading... තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට ඊයේ (25 දා) පෙ.ව. 7.30 ට පමණ කඩා වැදුණු සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු දෙනෝදහසක් බලා සිටියදී එහි සි...

Loading...
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට ඊයේ (25 දා) පෙ.ව. 7.30 ට පමණ කඩා වැදුණු සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු දෙනෝදහසක් බලා සිටියදී එහි සිටි මත්ස්‍ය ව්‍යාපාරිකයකු ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් 8 දෙනකුට බරපතළ තුවාල සිදුකොට පලාගොස් ඇත.
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ව්‍යාපාරික ආධිපත්‍යය ගොඩනඟාගෙන සිටි ලතිෂ් උදය කුමාර නොහොත් "රණා" නමැති ව්‍යාපාරිකයා ඉලක්‌ක කර මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.
ඝාතනයට ලක්‌ වූවන් අතර රණා ද සිටින බවට පොලිසිය හඳුනාගෙන ඇත. මෙම ප්‍රහාරයෙන් පසුව තංගල්ල දික්‌වැල්ල ඇතුළු අවට ප්‍රදේශ භීතියෙන් ඇලලී ගොස්‌ තිබූ අතර ඝාතකයන් සොයා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැවැන්ත මෙහෙයුමක්‌ද ආරම්භ කර තිබේ.
මෙහිදී ඝාතනයට ලක්‌වූ "රණා" නමැති ව්‍යාපාරිකයාගේ පියා වන මහින්ද නමැත්තා දික්‌වැල්ල ධීවර වරායේ ප්‍රධානම ව්‍යාපාරිකයා බව පොලිසිය පවසයි. මහින්ද නමැති ව්‍යාපාරිකයාට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුහු සියලු දෙනා මත්ස්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිති. විශාල ප්‍රමාණයේ ට්‍රොaලර් යාත්‍රා 21 ක්‌ මොවුන් සතුව ඇති අතර ඊයේ පෙරවරුවේ "කළණ" නමැති යාත්‍රාවේ රැගෙන ආ මසුන් තොගයක්‌ අලෙවි කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. රණා සිය සේවක පිරිසක්‌ ද සමඟ කළණ බෝට්‌ටුවේ තිබූ මාළු තොග සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් සිටියදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් ධීවර වරායට ඇතුළුවී ඇත.
මුහුණු ආවරණය වන හෙල්මට්‌ පැළඳ සිටි එම දෙදෙනා කළණ බෝට්‌ටුව නවතා තිබූ ස්‌ථානයට කඩා වැදී ටී 56 ගිනි අවියක්‌ සහ මිලි මීටර් නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන හතර අතට වෙඩි තබා ඇත. ප්‍රහාරය එල්ලවීමත් සමඟම ධීවර වරායේ සිටි ව්‍යාපාරිකයන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිස්‌ හිස්‌ ලූලූ අත දුවගොස්‌ ඇත.
ඝාතකයන් දෙදෙනා කළණ බෝට්‌ටුවේ සහ ඒ අසල සිටි සියලු දෙනාට වෙඩි තබා බෝට්‌ටුව අසල වැටී සිටි රණා අසලට ගොස්‌ ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ ඇත. මෙම ප්‍රහාරයෙන් සිව් දෙනකු එම ස්‌ථානයේම මියගිය අතර බරපතළ තුවාල ලැබූ අට දෙනකු තංගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර 16 හැවිරිදි ලාබාල තරුණයකු ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සැළවීමත් සමගම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත ධීවර වරාය වෙත පැමිණි මාතර දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න, තංගල්ල කොට්‌ඨාස භාර වැඩබලන පොලිස්‌ අධිකාරි ඒ. ගම්ලත් යන මහත්වරු පලාගිය ඝාතකතයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍ෂණික මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.
මෙම ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක්‌ සමත් නොවූ අතර යතුරුපැදියෙන් පලා ගිය දෙදෙනා අතරමගදී මෝටර් රථයක නැගී ගිය බවට තොරතුරු ලැබී ඇත.
මෙම ඝාතන සිද්ධිය වූ ස්‌ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක දර්ශන අනුව ඝාතකයන් හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඝාතනයට ලක්‌වූ රණාගේ පියා වන මහින්ද සහ කුඩාවැල්ල ධීවර වරායේ තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු අතර මීට වසර 15 කට පමණ පෙර සිට ආරවුල් පැවැති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම ආරවුලේ ප්‍රතිඵලයක්‌ ලෙස මහින්දගේ සොහොයුරෙක්‌ ද මීට පෙර ඝාතනයට ලක්‌විය. මේ වන විට දික්‌වැල්ල ධීවර වරායේ ව්‍යාපාරික ආධිපත්‍ය මහින්ද සහ ඔවුන්ගේ පුත්‍රයන් විසින් තමන් අතට ගෙන තිබෙන අතර විරුද්ධවාදී ව්‍යාපාරිකයා සමඟ තවමත් ගැටුම් පවතින බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
මීට ටික කලකට ඉතදී ද මෙම දෙපාර්ශ්වය අතර ආරවුලක්‌ හටගත් අතර "රණා"ගේ ප්‍රහාරයකින් විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයකු සදාකාලික ආබාධිතයකු බවට පත්වී ඇත. මෙම ගැටුමෙන් පසු දෙපාර්ශ්වය අතර පැවැති වෛරය තවත් වැඩවී ඇත. මීට දින කිහිපයකට පෙර "රණා" විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක්‌ මත දික්‌වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්වී ඇති බවත් එම පුද්ගලයා රණාගේ විරුද්ධ පාර්ශ්වයේ ව්‍යාපාරිකයාගේ සමීපතමයකු බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම ව්‍යාපාරික ගැටුම් මත හෝ හෙරොයින් සිද්ධිය මුල්කර ගෙන සිදුවූ ආරවුල් මත ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න, තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ යොදවා ඇත. මීට අමතරව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ විශේෂ කණ්‌ඩායමක්‌ ද ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ලට පිටත් කර යවා තිබේ.
පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්‌ඩායමක්‌ ද ඇතුළුව පොලිස්‌ කණ්‌ඩායම් 11 ක්‌ මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.
වෙඩි තැබීමේ සිද්ධියේදී මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් මෙසේය.
මියගිය පුද්ගලයන්
ජයසිංහ මනාච්චිගේ සමීර (40), මෝදරවත්ත බටහිර කුඩාවැල්ල, නාකුළුගමුව, රත්නවීර පටබැඳිගේ ෂසික්‌ තිවංක (23), උතුරු කුඩාවැල්ල, නාකුළුගමුව, යද්දෙහිගේ ලතිෂ් උදය කුමාර (37), කලණි, කන්තෝරුවත්ත, පහඡ්ජාව, නාකුළුගමුව, කංකානම් ගමගේ සඳුන් චානක (40), අහුගම්මන, දෙල්ගොඩ. (මොහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩලයේ සේවකයෙකි. නිවාඩුවට ගමට පැමිණ මාළු මිලදී ගැනීම සඳහා කුඩාවැල්ල ධීවර වරායට පැමිණ තිබේ.)
තුවාල ලැබූවන්
දමිත් දිල්ෂාන් (18), ගල්වැව, මහරඹ, අම්බලන්තොට, සරත් ජයසිංහ (48), පාසල් මාවත, උතුරු කුඩාවැල්ල, නාකුළුගමුව, කතලුව ගලප්පත්තිගේ සමන් පුෂ්ප කුමාර (50), හුණුකොටුව, හංවැල්ල, දික්‌වැල්ල, සුගත් රෝහණ විඡේවීර (48), හංවැල්ල, දික්‌වැල්ල, ගාල්ල,විහඟ මාවත, කුඩාවැල්ල, දකුණ, නාකුළුගමුව, කෝකු හැන්නදිගේ උදාර සම්පත් (35), හංවැල්ල, දික්‌වැල්ල, මද්දුම බණ්‌ඩාරගේ වීරසේකර නිමල් (37), ගල්වැව, මහආර, අම්බලන්තොට.
සිද්ධියෙන් මියගිය තිදෙනකුගේ සිරුරු තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පාර්ලිමේන්තු සේවක සඳුන් චාමර යන අයගේ මළ සිරුර නාකුළුගමුව රජයේ රෝහලේ බාහිරාංශයේ තැන්පත් කර තිබිණි. මෙම මිනී මැරුම් පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ ඊයේ (25 දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.
-දිවයින පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩාවැල්ලේදී ඉලක්කය වූ රණාගේ හිසටම වෙඩි තියලා,මාකදුරේ මදුශ්ගේ වැඩක්
කුඩාවැල්ලේදී ඉලක්කය වූ රණාගේ හිසටම වෙඩි තියලා,මාකදුරේ මදුශ්ගේ වැඩක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5d3UdYVnWEOP3rla6HxRpfcLJTTGqVXPzttuzYIH0COOGldVRQEueZnu3u-pW3iDs4SVUq-ZoDLrY2Tpta0Z52QeFybcikOEf5TfSCtvGURuOskhcR0x-fKYCjd3DPbfPzRrW_sva3Lc/s400/lankan.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5d3UdYVnWEOP3rla6HxRpfcLJTTGqVXPzttuzYIH0COOGldVRQEueZnu3u-pW3iDs4SVUq-ZoDLrY2Tpta0Z52QeFybcikOEf5TfSCtvGURuOskhcR0x-fKYCjd3DPbfPzRrW_sva3Lc/s72-c/lankan.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_120.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_120.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy