දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුලියට ගත් ගුවන් යානයක් යළි භාර දීමට ප්‍රමාද වී ශ්‍රී ලංකන් සමාගමට කෝටි 53 ක අලාභයක්
Homeගොසිප්

කුලියට ගත් ගුවන් යානයක් යළි භාර දීමට ප්‍රමාද වී ශ්‍රී ලංකන් සමාගමට කෝටි 53 ක අලාභයක්

PropellerAds

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කුලියට ගත් ඒ 320 ගුවන් යානයක් එම යානය අයත් සමාගමට නියමිත කාලයේදී භාරදීමට අපොහොසත් වීම නිසා ඉකුත් 2017 දී ශ්‍...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කුලියට ගත් ඒ 320 ගුවන් යානයක් එම යානය අයත් සමාගමට නියමිත කාලයේදී භාරදීමට අපොහොසත් වීම නිසා ඉකුත් 2017 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රු. කෝටි 53.97 ක
පමණ පාඩුවක් සිදුවූ බව එම සමාගමේ තාක්ෂණ සේවා ඉංජිනේරු අසිත ප්‍රනාන්දු මහතා ඊයේ (18දා) පැවසීය.

 ලිපි ලේඛනවලට අනුව 2017 මාර්තු 15 දින එම ගුවන් යානය අදාළ කුලියට සැපයූ ආයතනයට භාරදීමට තිබූ නමුත් එම ගුවන් යානය එම ආයතනයට භාර දීමට හැකි වූයේ
වර්ෂ 2017 සැප්තැම්බර් 11 දින මාස හයක පමාවකින් පසුව බවද ප්‍රනාන්දු මහතා ඊයේ ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.

 මෙසේ නියමිත දිනට එම ගුවන් යානය භාර දීමට අපොහොසත් වීම නිසා කුලී වාරිකය හා දඩ මුදල් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.082 ක්‌ද අමතර නඩත්තු වියදම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 149291 ක්‌ සහ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.299 ක්‌ අතිරේක විදයම් වශයෙන් ද ගුවන් යානය කුලියට සැපයූ ආයතනයට ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවූ බවද සාක්‌ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

 මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවූ මුළු පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3.532 ක්‌ වන අතර එම මුදල එවකට පැවැති විනිමය අනුපාතය අනුව ගණනය කළ විට රු. කෝටි 53.97 ක මුදලක්‌ බවද කොමිසම හමුවේ අනාවරණය විය.

 සාක්‌ෂිකරු කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් මෙසේද කීවේය.

 ''මේ ගුවන් යානය 2017 ජනවාරි 15 දින නඩත්තු අංශයට භාර දුන්නා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා. 2017 අප්‍රේල් 15 දින තීන්ත ගෑම සඳහා ගුවන් යානය ඉන්දුනීසියාවේ
ජකර්තා නුවරට යැව්වා. ජකර්තාවලින් ගුවන් යානය නැවත ලැබුණේ 2017 මැයි 19 වැනිදායි.
 මේ අතර 2017 ජුලි 04 දින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යුරෝපා ගුවන් ආරක්‌ෂණ ඒජන්සියේ සහතිකය අහිමි වුණා. ඒ නිසා 2017 ජුලි 24 දින එම ගුවන් යානය එටිහාඩ් වැඩපොළ වෙත යවා අපට නැවත ලබාගැනීමට හැකි වූයේ 2017 අගෝස්‌තු 25 දිනයි. අන්තිමට ගුවන් යානය සැපයුම්කරුට යවන්නට හැකි වූයේ 2017 වසරේ සැප්තැම්බර් 11 දිනයි.''

 මේ අනුව ගුවන් යානය භාරදීමට නියමිත දිනට වඩා මාස හයක්‌ ප්‍රමාද වූ බව සාක්‌ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

 ගුවන් යානා පූර්ණ තීන්ත ගෑමේ සහ විශාල අලුත්වැඩියා කටයුතු කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒ වනවිට තහනම්ව තිබූ බවත් ඒ නිසා එම ගුවන් යානය අදාළ අලුත්වැඩියා කටයුතු සඳහා විදේශයට යැවීම අත්‍යවශ්‍ය වූ බවත් සාක්‌ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

 කෙසේ වෙතත් යුරෝපා ගුවන් ආරක්‌ෂණ එජන්සියේ එම තහනම ඉවත් වී 2018 නොවැම්බර් මාසයේදී එම කටයුතු (ගුවන් යානා පූර්ණ වශයෙන් තීන්ත ගෑම සහ විශාල අලුත්වැඩියා කටයුතු) සිදු කිරීමේ අයිතිය නැවත ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලැබුණු බවද සාක්‌ෂිකරු කොමිසමට කීවේය.

 යුරෝපා ගුවන් ආරක්‌ෂණ ඒජන්සියේ එම තහනම නිසා 2017 සහ 2018 වසර දෙකේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා තුනක්‌ මෙසේ අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු සඳහා විදේශීය ආයතන වෙත යැවීමට සිදුවූ බවද සාක්‌ෂිකාර ඉංජිනේරු අසිත ප්‍රනාන්දු මහතා කීවේය.

 මේ අනුව මේ වසරේ (2018) ජනවාරි මාසයේ එක්‌ ගුවන් යානයක්‌ පරීක්‌ෂාවක්‌ සඳහා අබුඩාබියට යැවූ බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 376798 ක වියදමක්‌ දැරීමට සිදුවූ බවද සාක්‌ෂිකරු කීවේය.

 එසේම 2017 මාර්තු මාසයේදී තවත් ගුවන් යානයක්‌ වසර හයකට පසු පරීක්‌ෂාවක්‌ සඳහා විදේශීය ආයතනයක්‌ වෙත යැවූ බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 63336 ක්‌ වැයවූ බවත් සාක්‌ෂිකරු තවදුරටත් කොමිසමට කීවේය.

 කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම ඊයේ (18දා) උදේ 10.00 ට පමණ රැස්‌ විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29369,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුලියට ගත් ගුවන් යානයක් යළි භාර දීමට ප්‍රමාද වී ශ්‍රී ලංකන් සමාගමට කෝටි 53 ක අලාභයක්
කුලියට ගත් ගුවන් යානයක් යළි භාර දීමට ප්‍රමාද වී ශ්‍රී ලංකන් සමාගමට කෝටි 53 ක අලාභයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDUsoHu_9PRM75M4YiixaVzFFQXh5JwPCe1AQg9H4UWIgsE1BG_T2ZaxA2sQsUZ1KnntJKjsSDWVSkWos_waN4kS5n8LJTpVUo0FP-c755gMH5IM0q-c-Vme6fBv6UhmlcnzcTpvkblWw/s1600/image_3b6ca18496.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDUsoHu_9PRM75M4YiixaVzFFQXh5JwPCe1AQg9H4UWIgsE1BG_T2ZaxA2sQsUZ1KnntJKjsSDWVSkWos_waN4kS5n8LJTpVUo0FP-c755gMH5IM0q-c-Vme6fBv6UhmlcnzcTpvkblWw/s72-c/image_3b6ca18496.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy