ශරීර කාලගණකය (body clocks) අනුව "හිමිදිරියේ වැඩ අරඹන" කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු බව බ්‍රිතාන්‍ය පර්යේ...
ශරීර කාලගණකය (body clocks) අනුව "හිමිදිරියේ වැඩ අරඹන" කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් පවසති.
බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම පවසන්නේ, ඊට හේතුව සොයාගෙන නොමැති අතර එය අනාවරණය කරගත යුතු බවය.
සෑම කාන්තාවකට ම මෙය බලපාන හෙයින් තමන් තහවුරු කරගත් කරුණු අතිශය වැදගත් බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා සඳහන් කළේ, අදාළ පර්යේෂණ වාර්තාවේ සත්‍යතාවක් පවතින බවය.
"ශරීර කාලගණකය පියයුරු පිළිකා සඳහා බලපාන සාධකයක්. බටහිර රටවල බොහෝ විට කාන්තාවන් යහපත් ජීවන රටාවන් අනුගමනය කරනවා. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දැක ගන්න අමාරුයි. මේ නිසා මෙය බටහිර රටවලට වඩා අපට බලපානවා." වෛද්‍ය නෙඕමාල් පෙරේරා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකික කාන්තාවන් බටහිර රටවල කාන්තාවන්ට වඩා අඩු වයසින් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බවය.
"සාමාන්‍යයෙන් බටහිර දියුණු රටවල කාන්තාවන් පියයුරු පිළිකාවලට ලක්වන්නේ වයස අවුරුදු 50 පමණ වන විටයි. ඒත් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 45දී පමණ මෙම රෝගී තත්ත්වය වාර්තා වනවා. සාමාන්‍යයෙන් වසරකට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3500 ඉක්මවනවා."
වෛද්‍ය නෙඕමාල් පෙරේරා පැවසුවේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සිය දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ ප්‍රතිශතයක් පවතින බවය.
COMMENTS