දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා ‘බ්ලූ’ බලලා
Homeගොසිප්

බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා ‘බ්ලූ’ බලලා

PropellerAds

බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය විසින් ඊයේ (19) දා නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇත...

කැස්බෑව එජාපයේ කොටසක් ස්වාධීනව සටනට.
සුරා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
වීර කුමාරට, ශ්‍රියානිට හෙට නියෝජ්‍ය ඇමතිකම්.
බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය විසින් ඊයේ (19) දා නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත‍්‍රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබූ බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

නව සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක්‌ ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්‍ර සවිකර තිබී ඇති අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක්‌ ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබේ. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් (ආණ්‌ඩු පක්‍ෂයේ) එම පරිගණක ක්‍රියාත්මක කර අසභ්‍යෙ දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්‍යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්‍රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්‍රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්‌නට ලැබිණැයි එම පුවත්පත වාර්තා කරයි.

මහ ඇමැතිවරයා ඉදිරිපත් කළ 2019 වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශයේ ඇස්‌තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 81,261 ක්‌ වන අතර එය මේ වසරට (2018) වඩා රුපියල් මිලියන 9635 ක වැඩිවීමකි. ඇස්‌තමේන්තුගත වියදමින් රුපියල් මිලියන 8,465 ක්‌ පුනරාවර්තන වියදම් වන අතර රුපියල් මිලියන 1170 ක්‌ ප්‍රාග්ධන වියදම් වේ. මුළු වියදම පියවා ගැනීම සඳහා රජයෙන් ලැබේ යෑයි අපේක්‍ෂිත ජාතිය ගොඩනැඟීමේ බදු සහ මුද්දර ගාස්‌තු රුපියල් මිලියන 30,624 කි. රජයේ ප්‍රදාන ලෙස පළාත් සභාව රුපියල් මිලියන 22,217 ක්‌ බලාපොරොත්තු වෙයි. 

පළාත් සභාව රැස්‌ කිරීමට බලාපොරොත්තු වන ආදායම රුපියල් මිලියන 26,180 ක්‌ වන අතර පෙර ඉතුරු මුදල් රුපියල් මිලියන 2260 ක්‌ ආයෝජනය කිරීමට අපේක්‍ෂා කර ඇත. බස්‌නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ මහල් පහළොවකින් යුත් ගොඩනැඟිල්ලේ 12 වැනි මහලේ පිහිටි සභා ශාලාවේදී රැස්‌විය.

සභාපතිවරයාගේ නිවේදන, ලිපි ලේඛන පිළිගැන්වීම, පෙත්සම්, ප්‍රශ්න, අතුරු ප්‍රශ්න ඇසීම ඇතුළු න්‍යාය පත්‍රයේ මුල් කොටසේ කටයුතු අවසන් වීමෙන් පසු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් 2019 වර්ෂයට අදාළ මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය. නව ගොඩනැඟිල්ලේ මන්ත්‍රී ආසන සඳහා පැරැණි සභාවේ මන්ත්‍රී ආසන ස්‌ථාපිත කර තිබූ අතර රජයේ නිලධාරීන් සහ අමුත්තන් සඳහා වැඩිපුර ප්ලාස්‌ටික්‌ පුටු මහජන ගැලරියේ දක්‌නට ලැබිණි.

මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කරනු ලැබුවේ දිගුකාලීන දැක්‌මක්‌ ඇතිව බවත්, නවීන තාක්‍ෂණයෙන් සහ ගුණාත්මක භාවයෙන් පිරි මෙවැනි ගොඩනැඟිල්ලක්‌ අග නගරයේ පමණක්‌ නොව මුළු දිවයිනේම නොමැති බවත් මහ ඇමැතිවරයා පැවසීය.

වාර්තාව - චමින්ද සිල්වා
ඡායාරූප - රංජිත් විමලසිරි 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා ‘බ්ලූ’ බලලා
බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා ‘බ්ලූ’ බලලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9IXsnqGFYzu3l3NlfBHLtyFmjbc9YXAeSV4Kmx5bQhcyDjFvv1_mvc8CuaMMBcvWISbh2BbGcvKFl84ENvZvlq93XZMA6hjrIRB1IER-4ntiGYyuZSu_Wnh6MLZ-GFw-ma-qfqOGfDDw/s320/gossiplanka_2018-11-20-466.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9IXsnqGFYzu3l3NlfBHLtyFmjbc9YXAeSV4Kmx5bQhcyDjFvv1_mvc8CuaMMBcvWISbh2BbGcvKFl84ENvZvlq93XZMA6hjrIRB1IER-4ntiGYyuZSu_Wnh6MLZ-GFw-ma-qfqOGfDDw/s72-c/gossiplanka_2018-11-20-466.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_906.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_906.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy