ලසන්ත අලගියවන්න මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක් වන්නේ යයි පලවන මාද්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු විසින් නිවේදනයක් නිකුත් කර ඇත. අලගි...
ලසන්ත අලගියවන්න මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක් වන්නේ යයි පලවන මාද්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
අලගියවන්න මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
මාගේ පවුලේ අතිශයින් වැදගත් කටයුත්තක් වෙනුවෙන් විදේශ ගතවී සිටින මෙවන් අවස්ථාවකදී මා සම්බන්ධව, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාලා වෙබ් අඩවි මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතව හෙලා දකිමි.
මාගේ දේශපාලන ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප කර ඇති අතර වර්තමානයේත් අනාගතයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයා සමග රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටිමි.
විශේෂයෙන් වර්තමානයේ රාජ්‍ය නායකයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුලිකත්වයෙන් රටේ ඉදිරි සුබ සිද්ධිය උදෙසා අවංකව උපරිම කැපවීමකින් මා ආදරණීය ගම්පහ සියනෑ කෝරලයේ ජනතාව සමඟ කටයුතු කරමි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මාගේ සහෝදර මන්ත්‍රී වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ගෙන යන මෙවැනි වැරදි සහගත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි. අතිගරු ජනාධිපතිතුමා හා ගරු අගමැතිතුමා එක්ව ගෙන යන වැඩ පිළිවලට සියලු වාද බේද අත හැර අත්වැල් බැදගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු දෙනාටම ආරාධනා කරමි.
– ලසන්ත අලගියවන්න

COMMENTS