දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද අස්වෙන්නෑ නාමල් කියයි- ඇරඹුණ විගස පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 පාර්ලිමේන්තුව රැස්වන බැවින් එහිදී මහින්දගේ අගමැති ධූරය උරගෑමේ අවදානම් අවස්තාවට මුහුණ නො...

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාරව හෙට 14 පාර්ලිමේන්තුව රැස්වන බැවින් එහිදී මහින්දගේ අගමැති ධූරය උරගෑමේ අවදානම් අවස්තාවට මුහුණ නොදී උපායක් ලෙස අදම අගමැති ධූරයෙන් මහින්ද ඉවත්වන බවට පැතිර තිබෙන කතාව මහින්ද දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු පවසන්නේ, තමන් ඇතුලු පිරිස හෙට 14 පාර්ලිමේන්තුවට යන බවයි. එසේම අද අධිකරණය ලබාදුන් තීන්දුව අවසන් තීන්දුවක් නොවන බවද ඔහු මතක් කර සිටී. ඒ බව නාමල්ගේ ට්විටර් පණිවිඩයකින් දන්වා තිබුණි. මේ අතර අධිකරණ තීන්දුවෙන් පසු දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ,නිමල් සිරිපාල,වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත ප්‍රමුඛ පිරිස් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී පවසා තිබෙන්නේ, මහින්ද හෙට පාර්ලිමේන්තුවට යන්නේ අගමැති ලෙස බවත් ඔහුට තනතුර අහිමිකරවීමට අමුතු බලයක් කතානායකට නොමැති බවයි.

හෙට 14 දිනය පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් අරඹන දිනය වන අතර එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේනද සැසිවාරය අරඹමින් එහි පැමිණිමට නියමිතය. මින් ඉහත කාලයේ පාර්ලිමේන්තු බහුතර තරගය සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡා පැවති අතරවාරයේ මහින්දට සම්බන්ධ අය දැක්වූ ප්‍රකාශ වලින් කියැවුනේ නව සැසිවාරය ඇරඹීමේ ජනපති කතාවෙන් පසු අවශ්‍ය තරම් කාලයකට පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක් පැවති බවයි.

පාර්ලිමේන්තුව වසාදමන ලද කාලයේ සභානායකවරුන් සංවිධායකවරුන් ජනපති විසින් පත්කරන ලද්දේ මෙම කටයුත්ත උදෙසා බවටද කතාවක් පවතී. එවැනි සිදුවීමක් වුවහොත් මහින්ද රාජපක්ෂට සිය අගමැති ධූරය උරගෑමෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් පසුව එජාපය අදහස් දක්වා පවසා තිබුනේ පාර්ලිමේන්තුවේ න්‍යය පත්‍රය කතානායකට අවශ්‍ය ලෙස සකස් කෙරෙන බවයි.එසේම කතානායක පිළිගන්නේ පෙර අගමැති පෙර සභානායක හා පෙර සංවිධායකවරුන් බවද ලිඛිතව දන්වා තිබුණි.

මහින්ද අස්නොවන බව නාමල්ගේ සටහන පහතින්,



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද අස්වෙන්නෑ නාමල් කියයි- ඇරඹුණ විගස පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක්
මහින්ද අස්වෙන්නෑ නාමල් කියයි- ඇරඹුණ විගස පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigFWwHMUs065gfPdEYd7Y2hczmAKNK1fhNUNl14XbukXQRgu48mnDpUMAOP6UvrwhcUfOqvRfgMrO6KGfIKR9ojgHaFvyIPbVbBtpacgQWTO3NYxYNdfXjS42QBWSaChL8gtkKeh6QjY8/s320/par1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigFWwHMUs065gfPdEYd7Y2hczmAKNK1fhNUNl14XbukXQRgu48mnDpUMAOP6UvrwhcUfOqvRfgMrO6KGfIKR9ojgHaFvyIPbVbBtpacgQWTO3NYxYNdfXjS42QBWSaChL8gtkKeh6QjY8/s72-c/par1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_415.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_415.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy