ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (නොවැම්බර් 09) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (නොවැම්බර් 09) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධ විභාගය තවදුරටත් පවත්වනු ඇත.
ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දේශපාලන පක්ෂ, මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකරුවන් විසින් පෙත්සම් 12ක් ඉදිරිපත් කර තිබුණු අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බව පවසමින් මැති, ඇමතිවරුන් විසින් පෙත්සම් 5ක් ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම් පිළිබඳ විභාගයේ තීන්දුව සවස පහට ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රකාශයට පත්කෙරුණේ සවස 6ට පමණය. දේශපාලන නායකයන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් තීන්දුව බලාපොරොත්තුවෙන් අධිකරණ භූමියට රැස්ව සිටියහ.
www.reporter.lk
COMMENTS