දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්දදායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න" - කෙහෙළිය
Homeප්‍රවෘත්ති

"ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්දදායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න" - කෙහෙළිය

PropellerAds

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්ද දායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය. පාර්ලිමේන...

ත්‍රිත්ව-ශාන්ත තෝමස් රගර් මැච් එකේදී විනිසුරුගේ කනට ගහපු අක්කා හදුනගනී (VIDEO)
රටට නව ආරම්භයක් දීමට කාදිනල් හිමි සූදානම් වෙයි!
ආණ්ඩුවෙන් පිරිසක් ඉවතට.. සුසිල්, අනුර, චන්දිම හා රාජ්‍ය ඇමතිවරුන් ඒ අතර.. තොණ්ඩමන්ද තීන්දුව ගනී…

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්ද දායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලා පූජාපිටිය නගරයේදී අද 21 වනදා විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූජාපිටිය සංවිධානය සංවිධානය කර තිබූ මෙම විරෝධතා උද්ඝෝෂණයට ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹක්වැල්ල, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, විරසිංහ අලුත්ගමගේ , පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු, යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රීයාරීන්ද විශාල පිරිසක් සහභාගී වූහ.

පූජාපිටිය නගරයේ පෙළපාලියකින් පැමිණි විරෝධතාකරුවන් පූජාපිටිය ප්‍රාදේශිය සභාව ඉදිරිපත්ට දී විරෝධතාවයේ නිරත වූ අතර කතානායක කරූ ජයසුරිය මහතාගේ යැයි කිව් පිළිරුවකටද ගිනි තබා සිය විරෝධය දැක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹක්වැල්ල මහතා මෙසේ කීය.

"පසුගිය 26 වනදා සහ ඉන් පසුව ජනාධිපතිතුමා ගත් සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානූකූලව ගත් බව අපි පැහැදිලිවම කියනවා.නමුත් ඊට පසුව ඇති වූ තත්වය තමයි පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වය.පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වය පිළිබඳව බොහොම පැහැදිලිවම කියන්න ඕන.කතානායකවරයාට ගරු කියල කියන්න බැරි තත්වයට පාර්ලිමේන්තුව පත් කළා. මේ රටේ සමාජය දකින්නේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුල සිදු වන ක්‍රියාවලිය. ඒ දිහා බලල තමයි එදා සිදු වුන හැසිරීම් රටාව විවේචනය කරන්නේ. නමුත් පාර්ලිමෙන්තු සම්ප්‍රදායක් තියෙනවා. තමුන්නාන්සේලා දන්නවා 1948 ඉඳල මෙතෙක් ගෙනාව විශ්වාසභංග ගෙනාවේ කොයි විදිහටද කියලා .පාර්ලිමේන්තුවේ වැඩ පිළිවෙළක් තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා.ක්‍රියා පටිපාටියක් තියෙනවා ඒ සියල්ල පැත්තකට දාලා වැඩ කිරිම නිසයි මේ තත්වය ඇති වුණේ. පක්ෂ නායක රැස්වමේ ගත් තීරණ සියල්ල පසෙකලා සුමන්දිරන්ලාට දෙමළ සංවිධනයට ඕන විදිහට කටයුතු කරන්න ඉදිරපත් වුණා."

"එහි ප්‍රතිපලයක් හැටියටයි රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ. අවුරුදු හතරකට ආසසන්න කාලයක් මේ අය ආණ්ඩු කළා ජාතික සම්පත් විකුණන් කන තැනකට පත් වුණා. එට්කා , සිංගප්පූරු ගිවිසුම් ගහල මේ රට අගාධයට පත් කළා. 19 වන සංශෝධනයෙන් වංක ලෙස සඟවා ඇති ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ලබා ගන්නයි අපි උල්සාහ කරන්නේ. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තක තියලා රටේ ඉන්න මිලියන 15 කට අධික ඡන්ද දායකයින්ටමේ ප්‍රශ්නය විසඳන්න අවස්ථාව ලබා දෙන්න.අපේ ඉල්ලීම සාධාරණද නැද්ද කියලා සමාජයේ හොඳට හැරිල බලන්න. රටේ දැවැන්ත කඩා වැටිමක් තියෙනවා.ආර්ථයේ ජාත්‍යන්තරය ඉදිරියේ විශාල කඩා වැටීමක් තියෙනවා. මේ ආණ්ඩුවේ එකම වුවමනාව තිබුණේ රට බෙදන ව්‍යවස්ථාව.උතුර නැගෙනහිර ඒකාබද්ධ කරලා පෙඩරල් ව්‍යවස්ථාව ගේන්න.අපි පාර්ලිමේන්තුවේ කරපු වැඩේ හරිද නරකද කියන එක නෙවෙයි මේ කාලකණ්ණි පනත් ටික සම්මත කර ගන්න ඉඩ නොදීම ගැන අපි සතුටු වෙනවා. කතානායවරයාට ඕන වෙන්නේ මේ පාර්ලිමේන්තුව කැලෑ පාර්ලිමේන්තුවක් කරන්න නම් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ" යැයිද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.

(මොහොමඩ් ආසික් )

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්දදායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න" - කෙහෙළිය
"ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්දදායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න" - කෙහෙළිය
http://am.lk/media/k2/items/cache/02406664a971063531ff87ff32658f8a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/225-15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/225-15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy