මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සමග අවුරුදු 10ක් හෝ 15ක් වුණත් සටන් කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරය...
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සමග අවුරුදු 10ක් හෝ 15ක් වුණත් සටන් කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
" රාජපක්ෂලාත් සමග අවුරුදු 10ක් 15ක් වුණත් සටන් කරනවා. අනාගතයේත් ජනේලයේ එල්ලිලා කතා කරන තත්ත්වයට පත්කරනවා. එක්කෙනෙක් පොලොන්නරුවේ ජනේලේ ඉදන් කතාකරයි. අනෙක් කෙනා මැදමුලනේ ජනේලේ ඉදන් කතා කරයි."
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
“මගේ තාත්තා 1993 වසරේ මැයි මාසේ පළමු වැනිදා ජීවිතය පූජා කළේ කම්කරු ජනතාව වෙනුවෙන්. මම අද ආවේත් මරණයට මුහුණ දෙන්න. බෝම්බ කන්න ලෑස්තියි, වෙඩි කන්න ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න ලෑස්තියි. මගේ හැම ලේ බිඳුවක්ම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මගේ නහරයක් නහරයක් පාසා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳයි. මම කුඩුවෙලා කුඩුපට්ටම් වී ගියත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා"
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
" පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි ඉදිරියට ගියා. අපි නොහිතපු අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වරම කඩා දාලා විධායක ජනපති බලය අතට ගන්න හදනවා. ඒකට අපි විරුද්ධයි. ජනතාව කැපවෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දෙන්න. සඳුදා වෙනකොට හිර කාරයෝ වගේ වෙයි කියලා හිතුවා. ජනතාව සංවිධානය වෙනකම් මේ අරලිය ගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංඛේතය බවට පත්කළා. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ඡන්දයත් පාර්ලිමේන්තුවත් පාගලා දාන්න ඉඩ දෙන්නේ නෑ. අරලිය ගහ මන්දිරයෙන් පටන් ගත්ත සංඛේතය රට වටේම ගිහින්. අපි ජයග්‍රහණය කරනවා. අපි මේක පාවාදෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න අනිත් පියවරටත් යන්න අපි ලෑස්තියි. අපි ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට යනවා."
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ හමුවූ විදේශිය තානාපතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්බාධක පනවන බවට දැනුම් දී ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
" ජනපති ආණ්ඩුවු සුද්ධ කර දුන්නා. අපි ජනපති එළවනවා. අපි අගමැති එළවනවා. හෙට දවසේදී තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් හදනවා. "
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණනායක මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
"මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙල හිටියේ."
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
"අපි ජනපති මන්දිරයට වටලනවා. රනිල්ව එළියට දාන්න හදපු මෛත්‍රී එළියට දාන යුගය වැඩි ඈතක නොවෙයි. විමලේ අපිට කිව්වේ පැය විසිහතරයි දෙන්නේ කියලා. පැය 24ක් නෙමෙයි අපි දැන් දවස් 4ක් අරලිය ගහ මන්දිරයේ."
එම වීඩියෝව පහතින්,

COMMENTS