වත්මන් රජයේ කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍යයවරයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (29) දිවුරුම් දුන් ...
වත්මන් රජයේ කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍යයවරයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (29) දිවුරුම් දුන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාව පිලිගැනිමේ උත්සව කිහිපයක් අද (30) හැටන් නගරයේදි පැවැත් විණි.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ දිවන්ගත සෞම්‍යමුර්ති තොන්ඩමණ් මහතාගේ 106 වන ජන්ම දිනය යෙදි ඇති අද දින හැටන් තොන්ඩමණ් වෘත්තිය පුහුණු මධ්‍යස්ථනයට පැමිණි ආරුමුගන් තොන්ඩමණ් මහතා එම වාත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නාම පුවරුව විවෘත කර දිවන්ගත සෞම්‍යමුර්ති මහතාගේ ඡායාරුපයට පුෂ්ප උපහාර දක්වා හැටන් නගරයට පැමිණි අවස්තාවේ හැටන් නගරයේ වෙළද ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසින් තොන්ඩමන් අමාත්‍යවරයාව උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.
නොර්වුඩ් තොන්ඩමණ් ක්‍රිඩාංගණය වෙත පැමිණි ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා එහිද නාම පුවරුව වීවෘත කර සෞම්‍යමුර්ති තොන්ඩමණ් මහතාගේ ඡායාරුපයකට පුෂ්ප උපහාර දැක්විය.
ඉකුත් රජය සමයේ හැටන් තොන්ඩමණ් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා නොර්වුඩ් තොන්ඩමණ් ක්‍රිඩාංගනයේ තොන්ඩමණ් නාමය ඉවත් කිරිම හේතුවෙන් යලිත් තොන්ඩමණ් මහතාගේ නම සදහන් කරමින් නව නාම පුවරු දෙකක් අලුතින් විවෘත කරනු ලැබිය.
හැටන් තොන්ඩමණ් වාත්තිය පුහුණු මධ්‍යස්ථානය නොර්වුඩ් තොන්ඩමණ් ක්‍රිඩාංගනය , කොත්මලේ රම්බොඩ හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය දිවන්ගත සෞම්‍ය මුර්ති තොන්ඩමන් මහතා විසින් ඉදි කර වතු කම්කරු අයිතියට පත් කර තිබුණි.
(හැටන් රංජිත් රාජපක්ෂ)

COMMENTS