උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ඊයේ (24) සිට තමිල් මක්කල් කූට්ටනs නොහොත් දෙමළ ජනතා සන්ධානය...
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ඊයේ (24) සිට තමිල් මක්කල් කූට්ටනs නොහොත් දෙමළ ජනතා සන්ධානය නමින් වූ පක්ෂයක් ඔස්සේ ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බවට කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (24) යාපනය නල්ලූර් නඩරාජා පරමේශ්වරී ශාලාවේදී පැවති දෙමළ ජානතා සභාවේදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලන ගමන් මග ප්‍රකාශ කරිමින්ය.
උතුරු පලාත් සභාවේ නිල කාලයද ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය වරයා අද දින දෙමළ ජනතා සභාව රැස් වූ අතර එහිදී ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සිදු කරනු ලැබීය.
එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘ජනතාවට වෙච්ච පොරොන්දු දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්න බැරිවෙලා තියනවා ඡන්දයට කලින් බොහෝ පොරොන්දු ජනතාවට ලබා දුන්නා නමුත් අද වන විට ඒවා බොරුවක් වෙලා අවසන් පලාත් සභාව මගිනුත් මට ජනතාවට සේවයක් කරන්න දෙමළ ජාතික සන්ධානයේ බලවතුන් ඉඩ දුන්නේ නැහැ ඒ නිසා මම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙනවා ඉවත්වී ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි ක්‍රමයක් සොයනවා ඊට හොඳම විසඳුම තමයි දේශපාලනයෙන්ම විසඳුම් ලබා දීම ඒ සඳහා නව පක්ෂයකින් ඉදිරියට දේශපානය ආරම්භ කරනවා ජනතාව බොහෝ දෙනෙක් මම ගැන බලාපොරොත්තු තබාගෙන තිබෙනවා ඒ බලාපොරොත්තු සමග ඉදිරියට වැඩ කරන්න ඕන.
දෙමළ ජනතා සභාවට ඔනෑම අයෙකුට ගැටලු ඉදිරිපත් කරන්න පුලුවන් දෙමළ ජනතා සභාවේ කටයුතුත් නව පක්ෂය සමගින් සිදු කරනවා මගේ නව පක්ෂයට දෙමළ ජනතා සභාවෙනුත් පූර්ණ සහය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා දෙමළ ජනතා සභාව මගින්ද ඉදිරියට කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. යනුවෙනි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS