දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය සැමරීම රජය හදිසියේම අවලංගු කරයි

ලක්දිවට බුදු දහම රැගෙන ආ මිහිඳු  මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීමට රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇතැයි මිහින්තලා ...

මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය සැමරීම රජය හදිසියේම අවලංගු කරයි

ලක්දිවට බුදු දහම රැගෙන ආ මිහිඳු  මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීමට රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියෝ පසුගියදා (16) පැවසූහ.

අදාළ උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබියදී, එක්වරම එය නතර කර දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා සංඝරත්නය සංවේගයට පත්වන බවත්, එම පිළිකුල් සහගත ක්‍රියාවට දැඩි අප්‍රසාදයක් පළකරන බවත් උන්වහන්සේ පැවැසූහ.

“මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරන්න අපට දින දෙකක් ලැබී තිබෙනවා. ඒ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ පොසොන් පොහොයත්, උන්වහන්සේ පරිනිර්වාණයට පත්වූ, වප් මාසයේ  අටවක දවසත් පමණයි. අද පාසල්වල ඉගෙන ඉගෙන ගන්න දුවා දරුවන් වත් මේ දිනය දන්නෙ නැහැ. පෙළපොතකවත් ඇතුළත් නැහැ. මෙවර මෙම දිනය රාජ්‍ය උත්සවයක් ලෙස  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළා. ජනාධිපතිවරයා හා සංස්කෘතික ඇමැතිවරයාද සහභාගි වන බව සඳහන් කරලා සාකච්ඡා පැවැත්වූවා. ඉන් පස්සේ මේ උත්සවය අවලංගු කළා කියලා අනුරාධපුර දිසාපතිවරයාට දන්වා තිබෙනවා. මිහින්තලය විහාරාධිපති හිමියන් විදිහට මා හට කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැහැ. මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්."

"රාජ්‍ය උත්සවයක් ලෙස රජ දවසේ සිට පවත්වාගෙන ආ මෙම උත්සවයට අද මහා සංඝරත්නය හා මේ අවට ගම්වල ජනතාව පමණයි. ආණ්ඩුවේ නායකයන්, මෙරටට බුදු දහම ආරම්භ වූ මිහින්තලේ වැනි සිද්ධස්ථාන පිළිබඳව කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ. රටේ සිංහලකම, බෞද්ධකම නැතිවේගෙන යන යුගයක්. ජනතාවට අපි කියනවා, සිංහලකම බෞද්ධකම තියෙන රටට ආදරේ කරන මිනිස්සු මින් පසුව පත්කර ගන්න ඕන කියලා. අද රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් සිටිනවා. නමුත් යාපනයේ බුදු පිළිමයක් තියන්න බෑ, පන්සලක් හදන්න බෑ, ආගම සංහිඳියාවට බාධාවක් නිසා.” යැයි උන්වහන්සේ පවසා සිටියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය සැමරීම රජය හදිසියේම අවලංගු කරයි
මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය සැමරීම රජය හදිසියේම අවලංගු කරයි
http://am.lk/media/k2/items/cache/1472b7e694b7442c81f0a2d98256f28c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_568.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_568.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy