ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් යහපාලන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් යහපාලන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහි කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කරයි.
දැනටමත් ශ්‍රීලනිපයේ ලැජ්ජා බය ඇති ශීලාචාර ඇමතිවරුන් 10-12 අතර ප‍්‍රමාණයක් එජාපය සමග තනි අෘණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත්ව සිටින බවද ඔහු පැවසීය. රාජපක්ෂ කල්ලිය සමග එකතු වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිරිකිතයක් නැතිව කල හැකි නම් එජාපයට කළ හැක්කේ කනගාටු වීම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
මෙම සභාග ආණ්ඩු සාකච්ඡාව අවසානයේ සිදුවන්නේ විශ්වාසභංගයට ජන බලයට පත්වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එක්සත් ජාතික පක්‍ෂ මුලස්තානය වන සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS