දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මැයි රැළියෙන් බැසිල්ගේ බලය තහවුරුවේ.

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලියේ ප්‍රධාන සංවිධායකයා වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට ඔහුට එරෙහිව සිටි විපක්ෂ නායක...


කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලියේ ප්‍රධාන සංවිධායකයා වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට ඔහුට එරෙහිව සිටි විපක්ෂ නායකයින්ගේ ද විශ්වාසය දිනා ගනිමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ද බලය තහවුරු කර ගෙන ඇත.

මෙම රැලියේ සංවිධාන කටයුතු වල මුලික වගකීම ගෙන එය සාර්ථක කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සහෝදරත්වයෙන් කැපවී ක්‍රියා කිරීම සම්බන්ධව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත පුද කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

වීරවංශ මහතා විසින් සිය ස්තුතිය මැයි රැළියේදී ඔහුගේ කතාවේදී ප්‍රකාශ කල අතර පෙරේදා රාත්‍රීයේ දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේදී ගම්මන්පිල මහතා ද බැසිල් රාජපක්ෂ මහතා වෙත සිය ස්තුතිය පල කලේය.

මේ අතර,  මෙම රැලිය සාර්ථක කර ගැනීම සඳහා, මුස්ලිම් ප්‍රභූවරුන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සමත්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ඇඟයීමට ලක්ව ඇත.  

ඔවුන් ගෙන් අති බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ සහයදුන් පුද්ගලයින් වීම විශේෂ කාරණයකි.

ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලිය අවසන් මොහොත වනතෙක් වේදිකාව ආසන්නයට වී සංවිධාන කටයුතුවල නිරතවූ බැසිල් රාජපක්ෂ මහතාව වේදිකාවට කැඳවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  දැනුම් දුන් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ නායකයින් ඔහුව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිය. 

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ අංශ ප්‍රධානීන්ට බලපෑම් කරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා ගෙන් අගමැතිවරයා ගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

(SLM)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැයි රැළියෙන් බැසිල්ගේ බලය තහවුරුවේ.
මැයි රැළියෙන් බැසිල්ගේ බලය තහවුරුවේ.
http://ift.tt/2p4aLBM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy