යාපනයේ ක්‍රියාත්මක “ආවා” නැමැති පාතාල කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ...
යාපනයේ ක්‍රියාත්මක “ආවා” නැමැති පාතාල කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් පේදුරුතුඩුව නිර්වේලි ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජංගම සංචාරයකදී සිදු කළ හදිසි මාර්ග බාධක රාජකාරියදී සැක සහිත ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී නීතිවිරෝධී පිහියක් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයින් කඩු අතැතිව සිටියදී ගත් ඡායාරූප ද සොයාගෙන ඇත.
“ආවා” කල්ලියට සම්බන්ධ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන මේවන විටත් ක්‍රියාත්මක අතර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ “ආවා” නැමති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බව සඳහන් වේ.
COMMENTS