ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ කතාව තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. සිය ට්...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ කතාව තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණ විසඳාගැනීම වෙනුවෙන් දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ ජනපතිගේ ප්‍රකාශය පිළිගන්නා බවයි.
එසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් වීමෙන් පසුව මේ බව සඳහන් කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ජනපතිගේ මෙම ප්‍රකාශය හුදු කෙටිකාලීන දේශපාලන වාසියක් වෙනුවෙන් කළ ප්‍රකාශයක් දැයි පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් පවසයි.
එම ට්විටර් ප්‍රකාශය පහතින්,
We welcome the speech made by @MaithripalaS to #UNGA, requesting for a domestic mechanism to solve our own problems. This has always been the message of @PresRajapaksa since the war ended. However we are cautious that this statement might be to gain a short term political milage.
— Namal Rajapaksa (@RajapaksaNamal) September 27, 2018
COMMENTS