19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වරාය...
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබේ.
මීට පෙර ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක ව්‍යවස්ථාදායක සභාවේ සිටි අතර වසර 03කට පමණක් එම පත්වීම වලංගු වන බැවින් හිස් වූ එම පුරප්පාඩුව සදහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ජාත්‍යන්තර දේශපාලනය හා සබදතා පිළිබද අත්දැකීමක් ඇති පලපුරුදු අයෙක් වීම ද විශේෂත්වයකි.
COMMENTS